November, 13, 2025
දුර ගමන් සේවා බස්රථ නවත්වනු ලබන ආපනශාලා සඳහා වෙන්වූ පිරිවිතරයන් පිළිබඳව එම ආපානශාලා හිමිකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
ප්‍රවාහන අමාත්‍යාංශය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව ආපනශාලා සඳහා නව පිරිවිතරයන් හඳුන්වා දී ඇති අතර ඒ පිළිබඳව සබරගමුව පළාතේ දුරගමන් සේවා බස් රථ නවත්වනු ලබන ආපනශාලා හිමියන් දැනුවත් කිරීම මෙහිදි සිදු විය.
දුර ගමන් සේවා බස්රථ නවත්වන ආපනශාලා පිලිබඳ නිරන්තරයෙන් මහජන පැමිණිලි ඉදිරිපත් වීම සහ මේ දක්වා ආපනශාලා සඳහා වෙන්වූ පිරිවිතරයන් නොතිබූ බැවින් මෙලෙස නව පිරිවතරයන් හදුන්වා දී ඇත.
මේ යටතේ ආහාරවල සුරක්ෂිතතාවය, බස් රථ ගාල් කිරීමේ පහසුකම්, ආපනශාලා ඇතුළත සකස් විය යුතු ආකාරය, වැසිකිළි පහසුකම් සැපයීම, නියමිත කසල කළමනාකරණය ආදී කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණි.
මෙම අවස්ථාවට සබරගමු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.
Video Story