August, 5, 2016
මේ වසරේ මැයි මාසයේදී අරණායක ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත නාය යෑමේ සිද්ධියට පසුව ‘බෙස්ට් කෙයා’ සත්ත්ව රෝහල සමග අත්වැල් බැඳගනිමින් එම ප්‍රදේශයේ සුනඛයින් 2,354 දෙනෙකුට එන්නත් ලබාදීමත් තුවාල ලැබූ සහ විවිධ රෝගාබාධයන්ට ලක්වූ සුනඛයින් 293 දෙනෙකුට ප්‍රතිකාර ලබාදීමත් එම්බාර්ක් විසින් සිදුකරන ලදී.
මෙම විපතෙන් පසුව නැවත ගොඩනැගීමේ කටයුතු සිදුවන අවස්ථාවක එම්බාර්ක් වෙත ප්‍රජාවගෙන් ලැබුණු ආරාධනාවක් පිළිගනිමින් අරණායක නායයෑමේ විපතට මුහුණ දුන් ප්‍රදේශවල සුනඛයින්ට මෙසේ එන්නත් සහ ප්‍රතිකාර ලබාදීමේ පුළුල් වැඩසටහනක් සිදුකළ බව එම්බාර්ක් සඳහන් කරයි. මෙම වැඩසටහන සඳහා ඊරසටසඑඑැ ඊ්රාදඑ පදනම විසින් අරමුදල් ලබාදුන් අතර පසුගියදා ගංවතුරෙන් පීඩාවට පත්වූ ප්‍රදේශවල සිටි සුනඛයින් රෝහල් ගත කරමින් ප්‍රතිකාර ලබාදීමේ පිරිවැය සඳහාද මෙම පදනම දායකත්වය දැක්වීය.
‘‘ප්‍රජාව සමග අත්වැල් බැඳගනිමින් වීදිවල සැරිසරන සහ නිවෙස්වල ඇති කරන සුනඛයින්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම සඳහාත් කරුණාවේ සහ රැුකවරණයේ පණිවුඩය ප්‍රචාරය කිරීම සඳහාත් එම්බාර්ක් සන්නාමයට දැක්විය හැකි දායකත්වය පෙන්වන කදිම උදාහරණයක් ලෙස අරණායක වැඩසටහන පෙන්වා දිය හැකියිල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් එම්බාර්ක් හි, මෙහෙයුම් ප්‍රධානී, අශානි ගොපල්ලව මෙනෙවිය පැවසුවාය. ‘‘මෙම ප්‍රජාවට අවශ්‍ය සහයෝගය අපි ලබාදුන්නේ ඉතාමත් සතුටකිනුයි. ඔවුන්ට විශාල විපතක් සිදුවී තිබුණත් ඔවුන් අපව සිනා මුසු මුහුණින් පිළිගත්තා. ඔවුන්ට ලබාදුන් මෙම සහයෝගයට ඔවුන් හදවතින්ම ස්තූති කළා.’’
අරණායක නාය යෑමෙන් බලපෑමට ලක්වූ ගෙවිලපිටිය සහ උස්සපිටිය සෞඛ්‍ය නිළධාරී කොට්ඨාසවල එම්බාර්ක් විසින් මෙම වැඩසටහන පවත්වනු ලැබීය. ‘‘මෙම වැඩසටහන සඳහා කෑගල්ල කළාපයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විජිත් ගුණසේකර මහතා, ජලභීතිකා රෝගය පිළිබඳ කෑගල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ.එම්.එස්.එස්.කේ. වීරසිංහ මහතා, අරණායක මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ.මොහොමඞ් අනාස් මහතා සහ අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය ගැමුණු වික්‍රමසිංහ මහතා සහයෝගය ලබාදුන්නා. ඔවුන්ගේ සහයෝගය එම්බාර්ක් සහ බෙස්ට් කෙයා සත්ත්ව රෝහල විසින් ඉහළින්ම අගය කරනවාල’’ යනුවෙන්ද ගොපල්ලව මෙනෙවිය සඳහන් කළාය.
‘‘එම්බාර්ක් අප වෙත පැමිණීම වෙනුවෙන් මා ස්තූතිය පුදකරනවා. සියල්ල සැලසුම් සහගතව සිදුවෙමින් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ඔවුන්ට විශාල ප්‍රදේශයක් ආවරණය කිරීමට හැකිවුණා. ප්‍රදේශයේ ජනතාව සමග මා සාකච්ඡුා කරන විට දැනුවත් වුණේ සුනඛයින්ට එන්නත් සහ ප්‍රතිකාර ලබාදීමට අමතරව ඔවුන්ව හොඳින් රැුකබලා ගැනීම සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රයෝජනවත් උපදෙස්ද එම්බාර්ක් ඔවුන්ට ලබාදුන් බවයි. මෙම වැඩසටහන සිදුකළ කණ්ඩායම ඉතාමත් කාර්යක්ෂම ලෙස කටයුතු කළ අතර සුනඛයින්ට හානියක් නොවන පරිදි දැල් මගින් ඔවුන්ව අල්ලා ගත්තා. අපගේ අවශ්‍යතාවය හමුවේ මෙය ඉතාමත් ඉහළ උපකාරයක් බව සඳහන් කළ යුතුයිල’‘ යනුවෙන් මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් අරණායක මහජන සෞඛ්‍ය පරීක්ෂක, ජේ. මොහොමඞ් අනාස් මහතා පැවසීය.
අරණායකදී නායයෑමේ විපතට ගොදුරු වූ තම ස්වාමියා සොයමින් සුනඛයෙකු පොළව හෑරු බවට ඉතාමත් සංවේදී කතා රැුසක් එම ප්‍රදේශයේ පැතිරී ගොස් තිබුණි. මෙම විපත නිසා පුද්ගලයින් 100 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබෙන අතර පවුල් 554 ක් අවතැන් විය. මෙම ප්‍රදේශයේ සහන සහ ගලවා ගැනීමේ කටයුතු සිදුවන විට අරණායක ප්‍රදේශවාසීන් විසින් සත්ත්වයින් මුදා ගැනීමේ සංවිධාන වලින් ඉල්ලා තිබුණේ මෙම විපතෙන් පීඩාවට පත්වූ සතුන්ට සහන සලසන ලෙසයි.
අධික වර්ෂාව හමුවේ පොළව මහා මඩ වගුරක්වීම නිසා ප්‍රදේශයේ සත්ත්වයින්ට ආරක්ෂාව සඳහා යෑමට නොහැකිවීම හෝ ඔවුන්ගේ ස්වාමියන් හැරදා යෑමට ඔවුන් අකමැත්තක් දැක්වීම හෝ සිදුවිය. මේ නිසා, මෙම සතුන්ගෙන් සමහරක් මෙම මඩ වගුරේම ගිලී මියගොස් තිබුණි. ආපදාවක් සිදුවන අවස්ථා වලදී හදා වඩාගන්නා සතුන් මෙන්ම වීදිවල සැරිසරන සතුන් අමතකවී යාම සුලභ කාරණාවකි. තමන් විඳි බොහෝ කරදර හමුවේ ප්‍රදේශයේ සුනඛ සුරතලූන්ට එම්බාර්ක් විසින් ලබාදුන් සත්කාරය පිළිබඳව ප්‍රදේශවාසීන් ඉතාමත් ප්රශංසනාත්මකව අදහස් දැක්වීය.
වැඩසටහනේ පාර්ශවකරුවන් සමග අත්වැල් බැඳගනිමින් එම්බාර්ක් විසින් අරණායක ප්‍රදේශයේ මෙන්ම වෙනත් ප්‍රදේශවල වීදි සුනඛයින්ගේ සහ ප්‍රජාවගේ ජීවිත ධනාත්මකව වෙනස් කිරීමට 2007 වසරේ සිට දායකත්වය දක්වා ඇත. සුනඛයින් බේරාගැනීම සහ ප්‍රතිකාර කිරීම මෙන්ම ඔවුන්ට රැුකවරණය පිරි නිවෙස් සොයාදීම, සුනඛයින් වන්ද්‍යකරණයට ලක්කිරීම සහ එන්නත් කිරීම, මෙරට වීදි සුනඛයින් පිළිබඳ අධ්‍යාපන වැඩසටහන් සිදුකිරීම යන කටයුතු සඳහා එම්බාර්ක් දායකත්වය දක්වා තිබේ. වීදි සුනඛයින්ගේ ශුභ සාධන කටයුතු වෙනුවෙන් embark@embarkpassion.com ඊ-මේල් ලිපිනයෙන් හෝ 0773429025 යන දුරකතන අංකයෙන් එම්බාර්ක් වෙත සම්බන්ධ විය හැකියි.
Video Story