November, 18, 2025
ඩෙන්මාර්ක් රජය සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව නිම කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි.
නිල ණයහිමියන්ගේ කමිටුව සමඟ අවබෝධතා ගිවිසුම අවසන් කිරීමෙන් හා ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව, ඩෙන්මාර්ක් රජය, හිඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ණය සහන පියවරක් ලබා දීමට එකඟ වී තිබේ.
මෙම ද්විපාර්ශ්වික ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ ඩෙන්මාර්ක් රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය Lars Løkke Rasmussen මහතා අත්සන් තබන ලදි.
මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගත කරන ලද ඇස්තමේන්තුගත ණය ප්‍රමාණය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 39ක් පමණ වේ.
ඩෙන්මාර්ක් රජය සහ ශ්‍රී ලංකා රජය අතර ශක්තිමත් සහ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට මෙම ගිවිසුමට එළඹීම තුළින් හැකියාව ලැබෙනු ඇත. ඩෙන්මාර්ක් රජයේ අඛණ්ඩ සහයෝගීතාවයට සහ සබඳතාවයට ශ්‍රී ලංකා රජය සිය අවංක කෘතඥතාව පළ කරයි.
Video Story