දින 5කට පසු කොටස් වෙළෙඳපොළට අස්වැසිල්ලක්

    November, 20, 2025

    අද (20) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ මිල දර්ශක වල ඉහළ යාමක් දක්නට ලැබුණි.

    එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 75.10කින් ඉහළ ගොස් ඒකක 23,104.96ක් ලෙසින් සටහන් වූ අතර S&P SL 20 මිල දර්ශකය ඒකක 20.60කින් ඉහළ ගොස් ඒකක 6,382.18ක් ලෙසින් සටහන් විය.

    අද සමාගම් 118ක කොටස් මිල ගණන් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර සමාගම් 92කින් ඒ සඳහා ලැබී තිබුනේ සෘණාත්මක දායකත්වයකි.

    එහි දී සම්පත් බැංකුව, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි, බුකිට් ඩාරා, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ කාර්සන්ස් කම්බර්බැච් යන සමාගම් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

    අද ගණුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 3.48ක් ලෙසයි.

    එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.35ක් හා දේශීය විකිණුම් රු. බිලියන 3.31 ක් ලෙසින් සටහන් වී තිබුණි.

    මේ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 135ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 176ක් ලෙසින් දිනය තුළ සටහන්ව ඇත.