November, 24, 2025
ශ්‍රීලංකන් ගුවන් සේවයේ රියාද් අලෙවි කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විශේෂ සංචාරක වැඩසටහනක් පසුගිය දා පැවැත්වූ අතර, රියාද් හි ප්රමුඛ පෙළේ සංචාරක නියෝජිත ආයතන නියෝජනය කරමින් දිවයිනට පැමිණි පිරිසට ශ්‍රී ලාංකික උණුසුම් ආගන්තුක සත්කාර හා අමතක නොවන සුවපහසු හා විනෝදාස්වාද අත්දැකීමක් ලබා දීමට කටයුතු කළේය.
“Ahlan Wa Sahlan” (ආයුබෝවන්) යන තේමාව යටතේ පැවති මෙම විශේෂ සංචරක ප්‍රවර්ධන වැඩසටහන මඟින් සීගිරිය, හබරන, මහනුවර, නුවරඑළිය, වැලිගම හා කොළඹ යන නගර ආවරණය කරමින් මෙරට සාම්ප්‍රදායික සහ සංස්කෘතික වශයෙන් ආකර්ෂණීය ස්ථාන, දේශීය ආහාරපාන, සුන්දර වෙරළ තීර, ස්වාභාවික මංපෙත් සහ සාප්පු සවාරි ඇතුළු විනෝදාස්වාද අංග අත්විඳීමට මෙම සංචාරක නියෝජිත කණ්ඩායමට හැකිවිය.
විශ්වාසදායක සංචාරක පහසුකම් සහකරු ලෙස 'Walkers Tours' ආයතනය කටයුතු කල අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රීලංකන් හොලිඩේස් සමඟ එක්ව කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ පැවති විශේෂාංගයකින් සංචාරය අවසන් විය.




Video Story