November, 24, 2025
2025 වර්ෂයට අදාල රජයේ බදු ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2,195ක බදු ඉලක්කයෙන් 95%ක පමණ බදු ආදායමක් මේ වන විට රැස්කර අවසන් බව දේශීය ආදයම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සංජය රත්නවර්ධන මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ අද (24) පෙරවරුවේ "දෙරණ BIG FOCUS" වැඩසටහනට එක් වූ අවස්ථාවේ දී යි.
ඔහු පවසා සිටියේ පසුගිය නොවැම්බර් 20 වන දා වන විට රුපියල් බිලියන 2,076ක බදු ආදායමක් රැස්කර ගැනීමට දේශීය ආදයම් බදු දෙපාර්තමේන්තුව සමත්ව ඇති බවයි.
මේ අතර පසුගිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම පසුගිය නොවැම්බර් 17 දින වන විට රැස්කර ගැනීමට සමතු වූ අතර, එය වාර්තා වුනේ රුපියල් බිලියන 2,002.241ක් ලෙසයි.
"පසුගිය නොවැම්බර් 20 වන දා වන විට රුපියල් බිලියන 2,076ක ආදායමක් රැස්කරලා තියනවා. අපට ලබා දීලා තියන ඉලක්කය රුපියල් බිලියන 2,195ක් ඒ කියන්නේ දැනට 95%ක පමණ ආදායමක් මේ වන විට රැස්කරලා තියනවා පසුගිය නොවැම්බර් 20 වන දා වන විට."
Video Story