IMF මීළඟ වාරිකය ගැන තීරණය දෙසැම්බර් 15 දා

    November, 24, 2025

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල එකඟතාවකට පසුගිය ඔක්තෝබර් 09 දා එළඹෙන ලදී.

    ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් එළඹෙන දෙසැම්බර් 15 දා මෙම සමාලෝචනය සලකා බැලීමට නියමිත අතර එහිදී විධායක මණ්ඩලයේ අනුමැතියෙන් පසු එක්සත් ජනපද ඩොලර් මිලියන 347ක පමණ මූල්‍යන පහසුකමක් සඳහා ශ්‍රී ලංකාවට ප්‍රවේශය හිමිවනු ඇත.

    ඒ අනුව, මෙම පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මේ දක්වා ලබාදුන් මුළු මූල්‍යන සහාය  වි.ගැ.හි. මිලියන 1,524ක් (එ.ජ.ඩොලර් බිලියන 2.04ක් පමණ) වනු ඇත.