November, 25, 2025
2025 වසරේ නොවැම්බර් 23 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 2024 වසරේ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව වූ සංචාරකයින් 2,053,465 සීමාව ඉක්මවීමට සමත්ව ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 2,054,980ක් ලෙස වාර්තා වන බවයි.
2025 නොවැම්බර් මාසයේ පළමු දින 23 තුළ දී 164,293ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.
එම කාල සීමාව තුළ 8,530ක ඉහළම සංචාරක පැමිණීම නෙැවැම්බර් 22වැනි දින වාර්තා වී ඇති අතර එම කාල සීමාව තුළ වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇති රට ලෙස ඉන්දියාව පෙරමුනේ පසු වෙයි.
වසරේ මේ දක්වා ඉන්දියාවෙන් 463,474ක්, එක්සත් රාජධානියෙන් 187,282ක්, රුසියාවෙන් 153,336ක්, ජර්මනියෙන් 128,774ක් සහ චීනයෙන් 119,179ක් ලෙසින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.




Video Story