August, 8, 2016
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගෘහභාණ්ඩ හා නිමකිරීම් ආයතනයන් අතරින් ආකර්ෂණීය නිෂ්පාදන රැසක් හිමි ජැට් හෝල්ඩින්ග්ස්, ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන අතර එක් දින හා විස්සයි විස්ස (T20) තරඟ සඳහා සම අනුග්‍රාහක ලෙස කටයුතු කරයි.
පසුගිය ජූලි 26 වන දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඇරඹි පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයත් සමග ඇරඹි මෙම තරඟාවලිය තරඟ 10 කින් සමන්විත වේ. ටෙස්ට් තරඟාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් කී්‍රඩාංගනයේදී අගෝස්තු 4 වනදා සිට 08 වනදා දක්වා පැවැත්වෙන අතර තෙවන ටෙස්ට් තරඟාවලිය සිංහල කී්‍රඩා සමාජ කී්‍රඩාංගනයේදී අගෝස්තු මස 13 වනදා සිට 17 වනදා තෙක් පැවැත්වීමට නියමිතව ඇත. මෙම තරඟාවලිය අතරතුර “ජැට් පේන්ට්ස් කුසලානය“ නැරඹීමේ හැකියාවද ප්‍රේක්ෂකයන් හට හිමේ වේ.
“මෙම ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරඟාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දීමට හැකිවීම ඇත්තටම අපට ගෞරවයක්. අවුරුදු 17 කට පසුව ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරඟයක් ජයග්‍රහණය කිරීමට හැකි වීම සුවිශේෂී කරුණක්. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් තරඟ වැදුන කුසල් මෙන්ඩිස් නව තරඟ වාර්තාවක් තබමින් ඕස්ට්‍රේලියාවට එරෙහිව ශතකයක් වාර්තා කල ලාබාලතම ක්‍රීඩකයා බවට පත් වීමට හැකි වුණා. අපි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙනුවෙන් අපගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමන අතර ඉදිරි තරඟද ජයග්‍රහණය කිරීමට හැකි වේවා යැයි ප්‍රාර්ථනා කරනවා“, යැයි ජැට් හෝල්ඩින්ග්ස් හි කළමනාකරණ අධ්‍යක්ෂක ඊලියන් ගුණවර්ධන මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
“දස දහසක ප්‍රේක්ෂක පිරිසක් නැරඹිමට පැමිණෙන, ලංකාව පුරා සිය දහස් ගණනක නරඹන්නන් පිරිසක් සිටින, ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාවයි. කළාපයේ බොහෝ රටවල් අතර ශාඛා පුළුල් කරමින් ඉදිරියට යන කීර්තිමත් දේශීය සමාගමක් වන අපි, ක්‍රිකට් ක්‍රීඩාව සමඟ අත්වැල් බැඳගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට අපගේ ශක්තිය ලබාදීමට හැකි වීම ගැන ආඩම්බර වෙනවා. අප කර්මාන්තයේ පුරෝගාමීන් ලෙස අප සෑම විටම කළාපයේ අප ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට අවස්ථාවන් සොයන අතර ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා ප්‍රවිෂ්ඨ වීමට ඇති හොඳම මාධ්‍ය ක්‍රිකට් බව අපි හඳුනාගෙන තිඛෙනවා“ යැයි ඊලියන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.
ජැට් හෝල්ඩින්ග්ස් ටෙස්ට් තරඟාවලිය සඳහා මෙන්ම එක්දින තරඟ 5 සඳහා හා විස්සයි විස්ස (T20) තරඟ දෙක සඳහා ද සම අනුග්‍රාහකයන් වශයෙන් කටයුතු කරයි. මෙහි පළමු විස්සයි විස්ස (T20) තරඟය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙදී පැවැත්වීමට නියමිත අතර දෙවන තරඟය සැප්තැම්බර් 09 වන දින ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙදී පැවැත්වීමට නියමිතව ඇත.
ජැට් හෝල්ඩිංග්ස් මීට ඉහතදී ද ගොල්ෆ් හා හොකී වැනි ක්‍රීඩා ඉසව් සඳහා තම අනුග්‍රාහකත්වය දක්වා ඇති අතර දේශීය හා ජාත්‍යන්තර ක්‍රීඩා කෙරෙහි ඇති දැඩි උනන්දුව එයින් ප්‍රදර්ශනය කර ඇත.
ජැට් තම ආකර්ෂණී නිෂ්පාදන පෙළ පුළුල් කරමින් ජාත්‍යන්තර නිෂ්පාදන සන්නාමයන් වන ඉතාලියේ නිෂ්පාදිත දැව ආලේපිතයන් වන SAYERLACK, එක්සත් ජනපදයේ Herman Miller, එක්සත් රාජධානියේ අභ්‍යන්තර හා බාහිර බිත්ති ආලේපන සඳහා නිෂ්පාදිත Crown සහ Permoglaze, ඉතාලියේ නිෂ්පාදිත BormaWachs, ප්‍රංශයේ නිෂ්පාදිත Norton Abrasives (Saint Gobain) හා Brush Master තීන්ත බුරුසු වෙළඳපොළට හඳුන්වා දී තිබේ.
ජායාරූපය : ජැට් හෝල්ඩින්ග්ස් කළමණාකාර අධ්‍යක්ෂක ඊලියන් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියා කණ්ඩායම් නායකයන් දෙදෙනා හා “JAT Paints කුසලානය“ සමඟ.
Video Story