November, 25, 2025
මාර්ග සංවර්ධන අධිකාරියේ විෂය පථය යටතට ගැනෙන මහනුවර විලියම් ගොපල්ලව මාවතේ කිලෝමීටර 2+900 සිට කිලෝමීටර 3+736 දක්වා වන කොටස දෛනික මගී ප්‍රවේශයට පහසුකම් සලසන අතිශයින් වැදගත් මාර්ග කොරිඩෝවක් වන අතර, එය වැඩිදියුණු කිරීම නාගරික ගමනාගමනය දියුණු කිරීමට, රථවාහන තදබදය අවම කිරීමට සහ එම ප්‍රදේශයේ වර්ධනය වන ප්‍රවාහන අවශ්‍යතාවලට උපකාරි වීම සඳහා අත්‍යවශ්‍ය වේ.
ඒ අනුව, එම මාර්ග කොටස මංතීරු හතරක ප්‍රමිතියට පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ජාතික තරගකාරි ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසුකරුවන් 05දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත.
ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව ඉහත සඳහන් කොන්ත්‍රාත්තුව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s. Maga Engineering (Pvt) Ltd වෙත රුපියල් මිලියන 696.75ක (වැට් රහිත) මුදලකට ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story