November, 25, 2025
ජලභීතිකා රෝගය වැළඳීම වැළැක්වීම සඳහා භාවිතා කරනු ලබන රේබීස් එන්නත් (මිනිස් පරිහරණය) මිලිලීටර 0.5/මිලිලීටර 1න් අක්‍රීය කරන ලද මාත්‍රා 3,000,000ක් ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැදවා තිබේ. ඒ සඳහා ලංසු හතරක් ලැබී ඇත.
ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව, එම ප්‍රසම්පාදනය ශ්‍රී ලංකාවේ Citihealth Imports (Pvt) Ltd. (Manufacturer: Serum Institute of India Pvt. Ltd., India) වෙත මුළු පිරිවැය රුපියල් මිලියන 360ක (වැට් රහිත) මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story