November, 26, 2025
මෙම වසර අවසන් වන විට ආර්ථික අර්බුදයෙන් පසු උපයන ලද ඉහළම සංචිත ප්‍රමාණය වාර්තා කළ හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ අද (26) පෙරවරුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.
මහ බැංකු අධිපතිවරයා එහි දී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය මේ වන විට ඩොලර් බිලියන 6ක ප්‍රමාණයේ පැවතියත් මෙම වසරේ දෙසැම්බර් මාසය අවසන් වන විට අදාල ඉලක්ක සපුරා ගැනීමට හැකි වන බවයි.
"සංචිත ගොඩ නැගීමේ දී පැහැදිලිව අපි සඳහන් කළා IMF එකත් එක්ක යම්කිසි target එකක් තියනවා දළ සංචිතවල. ඉතින් අපි ඒ මට්ටමට යනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන අපි ලබන මාසේ, ඒ කියන්නේ දෙසැම්බර් මාසය තුළ, පළවෙනි එක තමයි පහුගිය දවස්වල අපි දැක්කා වාහන ආනයනය විවෘත කළාට පස්සේ ජූලි මාසේ ඉදලා එක සැරේට LC Open කරන එක වැඩි වෙලා, යම්කිසි ආකාරයක වාහන ආනයනය වැඩි වුණා. දැන් කියනවා LC ඒ විවෘත කරපු දත්ත සීඝ්‍රයෙන් පහළ වැටීගෙන යනවා. නොවැම්බර් මාසයේ, දෙසැම්බර් මාසයේ සංසන්දනය කරනකොට ජූලි, අගෝස්තු සීඝ්‍රයෙන් ඒක අඩු වෙනවා. ඒත් එක්කම වාහන ආනයන මිලත් යම්කිසි ආකාරයකට නොවැම්බර්, දෙසැම්බර් මාසවල අඩුවේගෙන යනවා. එතකොට අපි දකිනවා ඒක වෙළඳපොළේ ස්ථාවරත්වයකට පත්වෙනවා. එතකොට ඉදිරියට යද්දි අපි දකින්නේ Pent-up demand එකෙන් දැන් ගැලවිලා ඉවරයි. දැන් ස්ථාවර වෙලා වාහන මිලත් අඩු වෙලා තියනවා. වාහන ආනයනයත් යම්කිසි ආකාරයකට ස්ථාවර වෙලා තියනවා. එතකොට ඉදිරියට යනකොට විශේෂයෙන් දෙසැම්බර් මාසයේ remittances වැඩි පුර එන export conversion වැඩි වෙන සංචාරක remittances වැඩි වෙන මාසයක්. ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 5 වෙනි වාරිකය දෙසැම්බර් 15 වෙනිදා අනුමත වෙනකොට එතනින් මිලියන 340ක් විතර ලැබෙන්න තියනවා. ඊටත් අමතරව ADB එකේ agreement එක අත්සන් කළා මේ මාසේ මුදල් අමත්‍යාංශයෙන් budget support මිලියන 370ක්. ඒක ලැබෙන්නෙත් ලබන මාසේ. ඒකයි World Bank එකෙනුත් ගානක් ලැබෙන්න තියනවා. එතකොට ඒක එකතු කළාම ලබන මාසේ සාමාන්‍යයෙන් රජයට ලැබෙන්න තියනවා මිලියන 750ක් විතර ප්‍රමාණයක්. ඒක ලැබෙනවත් එක්කම අපි දෙසැම්බර් අග වෙනකොට සංචිත ප්‍රමාණය crisis එකෙන් පස්සේ තිබ්බ වැඩිම ප්‍රමාණය ලෙස අවුරුද්ද අවසන් කරන්න පුළුවන්. මෙතෙක් තිබුණ වැඩිම සංචිත, gross official reserves වැඩි වෙනවා ඒ මට්ටමට. මේ මාසේ අන්තිම වෙද්දි. මේ වෙද්දි බිලියන 6 මට්ටමේ තමයි පවතින්නේ. ගිය මාසේ එක්ක සංසන්දනය කරද්දි යම්කිසි අඩු වීමක් තියෙන්න පුළුවන් මේ මාසේ. නමුත් බිලියන 6 සීමාවේ පවත්වාගෙන යනවා. නමුත් ලබන මාසේ අර දේවල් ඇවිත් අපේ සංචිත වැඩි වෙන්නේ. එතකොට දෙසැම්බර් මාසේ ඒ ඉලක්කය ඉතා පහසුවෙන් අපි ලඟාකර ගන්නවා.“
Video Story