November, 26, 2025
එළඹෙන 2026 වසරේ දී වාහන අනයනය සඳහා කොපමණ ඩොලර් ප්‍රමාණයක් වැය වේ ද, යන්න පිළිබඳව මෙතෙක් පුරෝකථනය කර නොමැති බවත්, මීළඟ මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ දී ඒ බව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
අද (26) ශ්‍රී ලංකා මහ බැංකුව මූලස්ථාන පරිශ්‍රයේ පැවති 2025 වසරේ අවසාන මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.
ප්‍රශ්නය - “වාහන ආනයනය සම්බන්ධයෙන් ඩොලර් බිලියන 1.2ක ඇස්තමේන්තුවක් තමයි අවුරුද්ද මුලදි මහ බැංකුව කරලා තිබ්බේ. යම් කිසි ආකාරයකින් රජයත් කියනවා එලබෙන වසරේ දී මේ තියන ආනයන බොහෝ විට මන්දගාමී වීමක් සිඳුවෙන්න පුළුවන් කියලා මහ බැංකුවේ පුරෝකතනය මොකක් ද ලබන අවුරුද්දේ කොපමණ වගේ ප්‍රමාණයක් මේ වෙනුවෙන් වැයවෙයි කියන එකද?“
පිළිතුර - “ලබන අවුරුද්දේ, දැනට අපි පුරෝකථනය කරලා නැහැ, ඊළඟ ප්‍රතිපත්ති විවරණයේ දී ලබන අවුරුද්දේ පුරෝකථනය ගැන අපි කතා කරනවා. දැනට අපි හිතන්නේ මේ තියන අපි අර කියන්නේ Pent-up demand එක ඇවිල්ලා ඉවරයි මේ වෙද්දි. එතකොට මේක slowdown අඩුවේගන යන්නේ. එතකකොට සාමාන්‍ය මට්ටමට ලබන අවුරුද්ද අන්තිම වෙද්දි සාමාන්‍ය අවුරුද්දක් වෙයි වාහන ආනයන, අපනයන සඳහා. ඒක කොච්චරද කියලා යම් කිසි පුරෝකථනයක් Monetary Policy වැඩ වලට තියනවා. ඒක තවදුරටත් මේ අවුරුද්ද අවසානයේ කොහොමද තියෙන්නේ කියලා බැලුවහම ඊලඟ අවුරුද්ද ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි."
Video Story