November, 27, 2025
අද (27) කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වල යළි පහළ යාමක් දක්නට ලැබුණි.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 182.14කින් පහළ ගොස් ඒකක 22,662.09ක් ලෙසින් සටහන් විය.
මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 42.85කින් පහළ ගොස් ඒකක 6,268.45ක් ලෙසින් වාර්තා විය.
සම්පත් බැංකුව, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි, කොමර්ෂල් බැංකුව, HNB සහ ඩයලොග් ආසයාටා යන සමාගම්වල කොටස් මිල පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට බෙහෙවින් හේතු වී තිබුණි.
අද දින මිල පහළ යාම් වාර්තා වූ මුළු සමාගම් සංඛ්‍යාව 183ක් වූ අතර සමාගම් 45ක පමණක් කොටස් මිල ගණන් අද ඉහළ ගොස් ඇත.
අද දින ගනුදෙනු පිරිවැටුම වාර්තා වූයේ රු. බිලියන 2.34ක් ලෙසිනි.
Video Story