ලෝක රන් මිල ඉහළ යාමත් සමඟ මෙරට රන් මිල ද ඉහළට

    December, 1, 2025

    අද (01) උදෑසන වන විට මෙරට කැරට් 24 රත්‍රං පවුමක මිල 342,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ රන් වෙළෙඳපොළේ කැරට් 22 ක රන් පවුමක මිල රු. 314,700 ක් ලෙසින් ද නියම වී ඇත.

    ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද මෙලෙස විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබේ.

    ඒ අනුව ලෝක රන්මිල ඩොලර් 4,238 සීමාව පසුකර ඇති බවට වාර්තා වෙයි.