December, 3, 2025
" දිට්වා" සුළි කුණාටුවෙන් පසු රට යථා තත්වයට පත් කිරීමට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් ඉදිරිපත් වී ඇත.
අදාල ආයතන වල මෙරට ප්‍රධානීන් සමග මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම්, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවැත් වූ සාකච්ඡාවක දී ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් ද්විපාර්ශවික හා බහු පාර්ශවික ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්, දිවයිනේ බිඳ වැටුණු යටිතල පහසුකම් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම, ආපදාවෙන් බලපෑමට ලක් වූ ජනතාවට සහාය වීම සහ රටේ ප්‍රධාන ආර්ථික අංශ පුනර්ජීවනය අරමුණු කරගත් බහුවිධ ක්‍රියාකාරකම් සඳහා සහාය ලබා දීමට එකඟ වී තිබේ.
ලෝක බැංකුව විසින් ආර්ථික ස්ථායිකරණය ඇතුලු පශ්චාත් ආපදා සහන කටයුතු සඳහා සාධනීය මැදිහත් වීමක් වෙනුවෙන් එකඟ වී ඇති අතර, බිඳ වැටුණු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ද ඔවුන්ගේ සහය ලබාදෙනු ඇත.
ශ්‍රි ලංකාවේ ප්‍රධාන ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවෙකු ලෙස හදිසි මානුෂීය ආධාර සැපයීම සහ ආපදා සහන සේවා සැපයීම ඇතුලු හදිසි ආර්ථික හා සමාජිය අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ද සහය ලබා දෙනු ඇත.
මේ අතර, ශ්‍රි ලංකා රජය ආපදාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන ලබාදීමේ සහ රට යථාවත් කිරීමේ කටයුතු වෙනුවෙන් පරිත්‍යාගශීලින් සමග විධිමත්ව සම්බන්ධ වී ඇති අතර, ඒ පිලිබඳ ඵලදායි උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්, මුල්‍ය ආයතන සහ මානුෂිය සහන ලබාදෙන ආයතන ඒකාබද්ධ කරගනිමින් පරිත්‍යාගශීලීන්ගේ සංසදයක් ද නුදුරේදීම රැස්වීමට නියමිතය.
Video Story