December, 5, 2025
කර්මාන්ත ක්ෂේත්රයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර ඊයේ (04) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ආපදා තත්ත්වය හේතුවෙන් කර්මාන්තවලට සිදුව ඇති හානිය පිළිබඳ සංඛ්‍යා දත්ත මෙහිදී නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලැබූ අතර කර්මාන්ත ක්ෂේත්රය යළි නගා සිටුවීම සඳහා වූ යෝජනාවලියක්ද ජනාධිපතිවරයා වෙත භාර දෙන ලදී.
මෙම අවස්ථාවේදී කර්මාන්තකරුවන්ට ලබා දිය හැකි සහන සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති රවී නිශ්ශංක, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ සභාපති ලක්ෂ්මන් අබේසේකර, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්යක්ෂ මනෝජ් ප්‍රියන්ත, කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් ඩබ්. ඒ. පී. කේ. නිශාන්ත යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Video Story