දෙසැම්බර් පළමු දින 4 තුළ 25,000 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් දිවයිනට

    December, 8, 2025

    2025 දෙසැම්බර් මාසයේ පළමු දින 4 තුළ 25,046ක සංචාරකයින් පිරිසක් බමෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    ඒ අනුව එදින දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 2,128,639ක් ලෙසයි.

    දෙසැම්බර් මාසයේ පළමු දින 4 තුළ ඉන්දියාවෙන් 4,389ක්, ජර්මනියෙන් 3,421ක් සහ රුසියාවෙන් 2,882ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.