December, 8, 2025
ශ්රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම පසුගිය නොවැම්බර් මාසය තුළ දී 2.9%කින් පහළ ගොස් තිබේ.
2025 ඔක්තෝබර් මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 6,216 ක්වූ නිල සංචිත වත්කම් අගය 2025 නොවැම්බර් මස අවසාන වන විට ඩොලර් මිලියන 6,033ක දක්වා ඒ අනුව පහළ ගොස් ඇත.
නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය එහිදී ඩොලර් මිලියන 6,102 සිට ඩොලර් මිලියන 5,942ක් දක්වා නොවැම්බර් මාසය තුළ දී අඩු වී තිබෙන අතර රන් සංචිතය ඩොලර් මිලියන 80 සිට ඩොලර් මිලියන 85ක් දක්වා එම මාසය තුළ ඉහළ ගොස් තිබේ.
ශ්රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා මේ බව අනාවරණය කරයි.
Video Story