December, 11, 2025
වර්ෂ 2030 වන විට මෙරට විදුලි සැපයුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ අරමුණ සඳහා වන රජයේ පුළුල් සැලැස්මට අනුකූලව, වසර 20ක මෙහෙයුම් කාලසීමාවක් සහිතව ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීම පදනම මත මෙගාවොට් 100 මුල්ලිකුලම් සුළං බලාගාර උද්‍යානය (මෙගාවොට් 50 බැගින් වන සුළං බලාගාර 02ක්) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික අංශයේ උනන්දුවක් දක්වන සංවර්ධකයින් වෙතින් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීම සඳහා 2025‑02‑10 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා සඳහා ඉල්ලීම් කැඳවන ලදුව, ව්‍යාපෘති යෝජකයින් හත්දෙනෙකු (7) විසින් සිය යෝජනා ඉදිරිපත් කරනු ලැබ ඇත.
එකී යෝජනා ඇගයීමෙන් අනතුරුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, Consortium of Vidullanka PLC & David Pieris Motor Company (Lanka) Limited වෙත සහ WindForce PLC වෙත එකී මෙගාවොට් 50 සුළං විදුලි බලාගාර පහසුකම් දෙක (2) ස්ථාපිත කිරීමේ කොන්ත්‍රාත්තු ප්රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story