කොමර්ෂල් බැංකුවේ පේමාස්ටර් පහසුකම නව අංගයන්ගෙන් යුතුව එළි දක්වයි

    August, 10, 2016

    කොමර්ෂල් බැංකුව විසින් සිය ආයතනික ගනුදෙනුකරුවන් වෙනුවෙන් ලබාදෙන ඉතාමත් ශක්තිමත් සමූහ ගෙවීමේ පහසුකම වන ‘පේමාස්ටර්’ හි, නවතම සංස්කරණයක් එළිදක්වා ඇති අතර එය වඩාත් ආරක්ෂාකාරී මෙන්ම වඩාත් පුළුල් ක‍්‍රියාකාරීත්වයක් සහ පාලනයකින් යුක්ත වේ.

    බැංකුව සඳහන් කරන්නේ ගනුදෙනුකාර ආයතනයන්හි සේවක වේතන ගෙවීම, සැපයුම්කරුවන් සහ ගනුදෙනුකරුවන්ගේ කොමිස් මුදල් සහ අනිකුත් විවිධාකාර ගෙවීම් කිරීම සඳහා පුළුල්ව භාවිතා කරන ‘පේමාස්ටර්’ පහසුකම දැන් ද්විත්ව සහ බහුවිධ ආරක්ෂාව සහතික කිරීමේ ක‍්‍රමවේදයක් භාවිතා කරන බවයි. මේ සමගම සමූහ ගිණුම් හවුලේ භාවිතා කළ හැකි ලෙස සැකසූ පහසුකම් සහ තවත් විවිධ වූ අංග රැුසක් මෙම නව වැඩිදියුණු කිරීම යටතේ හිමිවේ.

    කොමර්ෂල් බැංකුවේ ආයතනික බැංකුකරණ අංශයට මෑතකදී හඳුන්වා දෙන ලද අන්තර් ජාල බැංකුකරණ පහසුකමේ ආරක්ෂාව, පාලනය සහ ක‍්‍රියාකාරීත්වය සඳහා වන ප‍්‍රධාන අංශ මෙම නව සංස්කරණය තුළින් පේමාස්ටර් සේවාවටද හදුන්වා දී තිබේ.

    ‘‘තාක්ෂණයේ සිදුවන නවතම සංවර්ධනයන් අපගේ ගනුදෙනුකරුවන්ට ලබාදීමට කොමර්ෂල් බැංකුව අඛණ්ඩවම කැපවී සිටිනවාල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘‘සමූහ ගෙවීම් සඳහා පේමාස්ටර් සේවාව ගනුදෙනුකරුවන් අතර ඉතාමත් ජනප‍්‍රිය වන අතර අති නවීන තාක්ෂණික අංගයන් එකතු වෙමින් මෙය දිනෙන් දින වර්ධනය වෙනවා. මෙම නව සංස්කරණය එම අඛණ්ඩ කැපවීමේ ප‍්‍රතිපලයකි’’

    කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල පහසුකමට ඉතාමත් සරලව ගොනුවක් (File) උඩුගත (upload) කිරීමෙන් ආයතන සහ පුද්ගලයින්ට සිය සමූහ ප‍්‍රතිලාභීන් සඳහා ඕනෑම අන්දමේ ගෙවීමක් කිරීමේ අවස්ථාව පේමාස්ටර් විසින් ලබාදෙයි. මුදල් ගෙවන සහ මුදල් ලබන පාර්ශවයන්ට කොමර්ෂල් බැංකුවේ ගිණුම් තිබේ නම් සිය ගනුදෙනු සඳහා සීමාවන් නොමැති අතර ක්ෂණයකින් මුදල් හුවමාරු කිරීම කළ හැකිවේ. අදාළ පුද්ගලයින් වෙතටම ගොස් අතින් මුදල් ලබාදීමට වඩා ගනුදෙනු කිරීමේ කාලය, පිරිවැය සහ අවධානම අවමවීම මෙහි තිබෙන කැපී පෙනෙන වාසි ලෙස පෙන්වා දිය හැකිය.

    කාර්ය මණ්ඩල වේතන, බෝනස්, සැපයුම්කරුවන්ගේ ගෙවීම්, පොලී සහ ලාභාංශ ගෙවීම්, නියෝජිත කොමිස් මුදල්, රක්ෂණ වන්දි ලබාදීම්, සමූහ සේවා ගෙවීම්, සේවක භාරකාර අරමුදලට සහ සේවක අර්ථ සාධක අරමුදලට සිදුකරන ව්‍යවස්ථාපිත ගෙවීම් ඇතුළු පේමාස්ටර් හරහා සිදුකරන සියළුම ගෙවිම් සඳහා නව සංස්කරණයේ සිදුකළ වැඩිදියුණු කිරීම් මගින් සහාය හිමිවන බව රෙන්ගනාදන් මහතා වැඩිදුරටත් පැවසීය.

    තනි බැංකුවක් සතු මෙරට දැවැන්තම ඉලෙක්ට්‍රොනික මුදල් නිකුත් කිරීමේ පහසුකම වන ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 635 ක ජාලය සහ බැංකු ශාඛා 251 ක් කොමර්ෂල් බැංකුව ක‍්‍රියාත්මක කරයි. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේදී මාලදිවයින තුළ පළමු පෙළ බැංකුවක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටී. මේ අතර, සම්පූර්ණ හිමිකාරීත්වය සහිත මුදල් හුවමාරු මෙහෙයුම් කටයුතු ඉතාලියේ සිදුකිරීමට බැංකුවට පසුගියදා බලපත‍්‍රයක් හිමිවිය.