JKOA වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී විශිෂ්ටයන් රැසකට සම්මාන

    August, 10, 2016

    පසුගියදා පැවති ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝමේෂන් (John Keells Office Automation (Pvt) Ltd- JKOA) වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී එම සමාගමේ නියෝජිත ජාලය තුළ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ පිරිසකට සම්මාන පිරිනැමිණි. කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ ‘ඕක් රූම්’ හි පැවති මෙම උත්සවයට සමාගමේ අලෙවි නියෝජිතයන් ඇතුළු 180 කට අධික පිරිසක් සහභාගී වූහ.

    JKOA යනු මෙරට කාර්යාලයීය යන්ත්‍රෝපකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම නාමය වන අතර, එම සමාගම Samsung, Toshiba සහ Hitachi වැනි ලොව ජනප‍්‍රිය වෙළඳ නාම යටතේ එන නිෂ්පාදන මෙරටට ගෙන්වා බෙදාහරී. ඊට අමතරව සමාගම මෙම නිෂ්පාදන සඳහා සේවා සැලසීම, මෙහෙයුම් පද්ධති සවිකිරීම හා ක‍්‍රියාත්මක කිරීම සහ අමතර කොටස් සැපයීම වැනි සේවාවන් රැුසක්ද ලබා දෙයි. JKOA යනු මෙරට විශාලතම සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් ඡුඛක්‍ සමාගමේ තොරතුරු තාක්ෂණ අංශයට අනුබද්ධ සමාගමකි..

    දිවයින පුරා විසිරී සිටින නියෝජිත ජාලය විසින් සමාගමේ සේවාවන් දිවයිනේ විවිධ පළාත්වල වෙසෙන පාරිභෝගිකයන් වෙත ලබාදීමට කටයුතු කරනු ලැබේ. මේ ආකාරයට කොළඹ දිස්ත‍්‍රික්කයේ සහ පිට පළාත්වල සමාගමේ සේවාවන් ක‍්‍රියාත්මක කරන නියෝජිතයන් පිරිසක් මෙම සමුළුවේදී ඇගයීමට ලක්වූහ.

    විශිෂ්ටතම අලෙවි නියෝජිත, විශිෂ්ටතම අලෙවිකරු-භාණ්ඩ අලෙවි සහ විශිෂ්ටතම ක‍්‍රියාකාරීත්වය (අලෙවිකරු) යන කාණ්ඩ යටතේ මෙසේ සම්මාන පිරිනමන ලදි. අලෙවිකරුවන්ගේ ක‍්‍රියාකාරීත්වය ඇගයීමේදී විකුණුම් ඉලක්ක ළඟාකරගැනීම, වාර්ෂික වර්ධනය, වෙළඳපොළ ආවරණය, ගෙවීම් පියවීම සඳහා ගතවන කාලය, කාර්ය මණ්ඩලයේ ක‍්‍රියාකාරීත්වය, පාරිභෝගික සම්බන්ධතා සහ ප‍්‍රචාරණ වැඩසටහන් ආදිය සැලකිල්ලට ගැනිණි. .

    සමුළුවේදී අදහස් දක්වමින් JKOA සමාගමේ අලෙවි සහ ව්‍යාපාර සංවර්ධන ප‍්‍රධානී සහ ජෝන් කීල්ස් සමූහයේ සහකාර උප සභාපති මලික් එඞ්වින් මහතා පැවසුවේ JKOA සමාගමේ සාර්ථකත්වය උදෙසා එහි නියෝජිත ජාලය කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරන බවයි. .

    ”තම කාර්ය මණ්ඩල සමග කැපවී වැඩකරමින් සහ විවිධාකාරයේ ප‍්‍රචාරණ වැඩසටහන් දියත් කරමින් පසුගිය වසර පුරා සමාගම තව තවත් දියුණුව කරා රැුගෙන යන්නට ඔවුන් විශාල මෙහෙවරක් ඉටුකළා. පාරිභෝගිකයන්ට ලොව ජනප‍්‍රියම වෙළඳ නාම යටතේ එන නිෂ්පාදන මිලදීගැනීමේ අවස්ථාව ලබා දෙන අතරම ඔවුන්ට අති විශිෂ්ට මට්ටමේ සේවාවක් ලබාදීමටත් අපට හැකියාව ලැබී තියෙන්නේ මේ නියෝජිතයන්ගේ කැපවීම නිසයි. ඒ වෙනුවෙන් මා ඔවුන්ට මගේ ස්තූතිය පළකර සිටිනවා.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය. .

    සම්මාන උළෙලේ ඉහළම සම්මාන දිනාගනු ලැබුවේ වවුනියාවේ North Link Engineering (රන් සම්මානය), කුරුණෑගල K.T. Office Automation පුද්. සමාගම (රිදී සම්මානය) සහ අනුරාධපුර Vanoj Office Automation (ලෝකඩ සම්මානය) යන නියෝජිත සමාගම් විසිනි.

    මීට අමතර මීගමුවේ AMW Computers, මොරටුවේ TSP Management Services (පුද්.) සමාගම, නුගේගොඩ Just Technologies, මහනුවර The Office Shop (පුද්.) සමාගම, මාතර Kent Business Systems සහ මාලදිවයිනේ Copier Plus (Pvt) Ltd යන සමාගම් වලට මෙහිදී සම්මාන හිමි විය.

    ඡායාරූපය - ප‍්‍රශාන් සිල්වා (TSP Management, මොරටුව), ලසන්ත සංජීව (KENT Office Automation, මාතර), මොහාන් වීරසිංහ (AMW Computers, මීගමුව), සී. ඒ. බදුර් (Badurcom & Stationary, රෝලන්ඞ් අමරසේකර (Just Technologies, නුගේගොඩ), ආනන්ද ක‍්‍රිෂ්ණන් මුත්තුකුමාරු (Trintec Computers, ත‍්‍රිකුණාමලය), මහේෂ් ස්ටෙෆාන් (KT Office Automation, කුරුණෑගල), පී. මයූරන් (North Link Engineering, වවුනියාව), මංජුල පුෂ්පකුමාර (MN Office Automation, පොළොන්නරුව), හසන් මුනීර් (Copier Plus Pvt Ltd, මාලදිවයින), ගාමිණී අබේකෝන් (The Office Shop, මහනුවර), ප‍්‍රමුක් පීරිස් (Lanka Technology Appliances, ගාල්ල) සහ වනෝජ් විජේසිංහ (Vanoj Office Automation, අනුරාධපුර) යන මහත්වරුන්.