December, 15, 2025
2025 දෙසැම්බර් 11 දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 70,023ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ සමඟම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 2,173,616ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර පැවති ආපදා තත්ත්වය හේතුවෙන් දෙසැම්බර් මාසේ පළමු සතියේ දෛනික සංචාරක පැමිණීම සියයට 10ත් 15ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.
කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වසර අවසානය වන විට සංචාරක පැමිණීම 2,370,000ක් පමණ වනු ඇති බවට අපේක්ෂා කරන බවයි.
"දෙසැම්බර් මාසයේ සාමාන්‍යයෙන් අපේ සැලසුම තිබ්‍බේ සංචාරකයින් ලක්ෂ තුනක් ආකර්ෂණය කරගන්න. නමුත් පහුගිය දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ දෛනික සංචාරකයින්ගේ පැමිණීම විශේෂයෙන්ම 10%ක 12%ක වගේ cancelled වෙනවා දැක්කා. ඒකට හේතුව තමයි ගුවන්යානා යම්කිසි ගැටළුවක් ඉන්දියාවේ ඇති වුණා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ සහ තිබුණු දේශගුණික කාලගුණික තත්ත්වයන් වල වෙනස්වීම් සහ රටේ ඇති වුණු තත්ත්වයන් එක්ක. නමුත් මම හිතන්නේ ලක්ෂ 3න් අපිට 270,000 කට විතර යන්න පුළුවන් වෙයි කියලා හිතන බලාපොරොත්තුව අපිට තියනවා. ඒත් එක්කම අපිට 23 ලක්ෂ 60,000ක් 70,000ක් වගේ අපිට සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවේ අපි ඉන්නේ.2024 වසරට සාපේක්ෂව මේ වන විට 18% ක වර්ධනයක් සංචාරක පැමිණීමේ තියනවා මේ වන විටත්. අපි හිතන්නේ ඒක 17%ක 18% තියේවි කියලා වර්ෂය අවසාන වන විටත්. "
Video Story