December, 16, 2025
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ප්‍රධාන ජාත්‍යන්තර හවුල්කරුවන් මෙරට රෙදිපිළි හා ඇඟලුම් අංශය තුළ තිරසාර භාවිතයන් ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන වැඩසටහනක් පසුගියදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්විණි.
තිරසාර ව්‍යාපාර සඳහා විනිවිදභාවය වැඩිදියුණු කිරීම (ITSB) සදහා ධාරිතා ගොඩනැගීමේ වැඩසටහනට රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තයේ පාර්ශ්වකරුවන්, කුඩා හා මධ්‍යම ව්‍යාපාර (SMEs) සහ සැපයුම් දාමයට සම්බන්ධ හවුල්කරුවන් රැසක් සහභාගී වුහ.
මෙහිදී වාර්තාකරණ රාමු පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම, සූක්ෂම සෝදිසි අපේක්ෂාවන් පිළිබඳ අවබෝධය, ආපසු හඹා යා හැකි අවශ්‍යතා තහවුරු කිරීම, ව්‍යාපාරික ක්‍රියාකාරකම් සඳහා වගවීම පිළිබද විශේෂ අවධානය යොමුවිය.
ITSB වැඩසටහන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), තිරසාර සංවර්ධන කවුන්සිලය, GRI දකුණු ආසියානු කාර්යාලය, JAAF සහ ස්වීඩන් ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සිය (SIDA) යන සංවිධාන අතර සහයෝගීතා ප්රයත්නයකි.
මේ යටතේ ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලුම් අංශය තුළ තිරසාර භාවිතයන් ශක්තිමත් කිරීමේ තවත් වැදගත් පියවරක් සනිටුහන් කරන අතර අපනයන සංවර්ධන මණ්ඩලය විනිවිද පෙනෙන, වගකිව යුතු සහ ගෝලීය වශයෙන් තරඟකාරී අපනයන කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටී.
ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සාමූහික විශේෂඥ දැනුම සහ හවුල්කාරිත්වය ඔස්සේ, වැඩසටහන සඳහා අර්ථවත් ප්‍රගතියක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ එහි හවුල්කරුවන් ශ්‍රී ලංකා අපනයන සඳහා වඩාත් වගකිව යුතු, ඔරොත්තු දෙන සහ තිරසාරත්වය මත පදනම් වූ අනාගතයක් ගොඩනැගීමට කටයුතු කරයි.

Video Story