දෙසැම්බර් පළමු දින 17 තුළ සංචාරකයින් 115,616ක් මෙරටට

    December, 19, 2025

    2025 දෙසැම්බර් 17 දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 115,616ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    ඒ සමඟම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 2,219,209ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    පසුගිය දෙසැම්බර් 15 වන විට මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 22 සීමාව ඉක්මවීමට ද සමත් විය.

    දෙසැම්බර් මාසයේ 8,178ක ඉහළම සංචාරක පැමිණීම දෙසැම්බර් 02වැනි දින වාර්තා වී ඇති අතර එම කාල සීමාව තුළ වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇති රට ලෙස ඉන්දියාව පෙරමුනේ පසු වෙයි.

    වසරේ මේ දක්වා ඉන්දියාවෙන් 501,097ක්, එක්සත් රාජධානියෙන් 200,939ක්, රුසියාවෙන් 171,099ක්, ජර්මනියෙන් 139,355ක් සහ චීනයෙන් 127,553ක් ලෙසින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.