ජාතික උද්ධමනය පහළට

    December, 22, 2025

    ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 නොවැම්බර් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.4% ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

    2025 ඔක්තෝබර් මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ 2.7% ක් ලෙසිනි.

    ඔක්තෝබර් මාසයේ දී 4.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය නොවැම්බර් මාසයේ දී 3.6% ක් දක්වා අඩු වී ඇති අතර ඔක්තෝබර් මාසයේ දී 1.5% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය නොවැම්බර් මාසයේ දී ද එම මට්ටමේ ම නොවෙනස්ව පවතී.