ලිට්‍රෝ සමාගමට හිස් සිලින්ඩර තායිලන්තයේ Sahamitr Metal Pressure Containers වෙතින්

    December, 23, 2025

    ලිට්‍රෝ ගෑස් සමාගම විසින් 2025‑2027 කාලසීමාව සඳහා වෑල්ව රහිත හිස් එල්.පී.ජී. සිලින්ඩර වර්ග 04ක් මිල දී ගැනීම පිණිස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවා ඇත.

    ඒ සඳහා ලංසු 06ක් ඉදිරිපත් වී තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය මත පදනම්ව ලිට්‍රෝ ගෑස් සමාගම වෙත කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩර 120,000ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩර 185,000ක්, කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර 450,000ක් සහ කිලෝග්‍රෑම් 37.5 සිලින්ඩර 7,000ක් සැපයීමේ ප්‍රසම්පාදනය සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s. Sahamitr Metal Pressure Containers Public Co. Ltd වෙත පිරිනැමීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.