January, 1, 2026
2025 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරය හමුවේ 5.6%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල 2023 වසරේ දී 12.1%කින් සහ 2024 වසරේ දී 10.7%කින් අධිප්‍රමාණය වී තිබුණි.
මෙහිදී ප්‍රධාන විනිමය සියල්ලන් හමුවේ 2025 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය වීමක් වාර්තා වේ.
ඒ අනුව යූරෝ හමුවේ 16.3%ක්, බ්‍රිතාන්‍ය පවුම හමුවේ 12%ක්, චීන යුවාන් හමුවේ 9.6%ක්, ජපන් යෙන් හමුවේ 5.6%ක්, ඕස්ට්‍රේලියානු ඩොලරය හමුවේ 12.2%ක් හා ඉන්දියානු රුපියල හමුවේ 1% ක් ලෙසින් ශ්‍රී ලංකා රුපියල 2025 වසරේ දී අවප්‍රමාණය වී තිබේ.

Video Story