January, 5, 2026
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස SLT-MOBITEL සතු භූමිකාව යළි තහවුරු කළ දිට්වා ආපදා ප්‍රතිචාර මෙහෙයුම
මෑත ඉතිහසයේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ දරුණුතම ස්වාභාවික ව්‍යසනයක් වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු, ජාතික දුරකථන සන්නිවේදන සම්බන්ධතා ජාලය යථා තත්ත්වයට පත්කිරීම සඳහා මෑතකාලීනව ක්‍රියාවට නැංවූ දැවැන්තම ප්‍රතිස්ථාපන ව්‍යාපෘතියක් දියත් කිරීමට SLT-MOBITEL විසින් පියවර ගන්නා ලදී. ඒ සඳහා සිය මෙහෙයුම් ජාලය සහ හදිසි ප්‍රතිචාර ක්‍රමවේදයන් උපරිම මට්ටමින් භාවිතා කිරීමට සමාගමට සිදු විය.
සුළි කුණාටුව හේතුවෙන් දිස්ත්‍රික්ක රැසක මහා පරිමාණ ගංවතුර, නායයෑම් සහ යටිතල පහසුකම් හානි වීම් වාර්තා වූ අතර එමඟින් ජාතික සම්බන්ධතා ජාලයේ අංග රැසක් බිඳවැටීම්වලට ලක් විය. එහෙත් SLT-MOBITEL මෙරට දුරකථන සන්නිවේදන සේවා ක්ෂේත්‍රයේ ජීවනාලිය ලෙස තම භූමිකාව අකුරට ඉටුකරමින්, දින කිහිපයක් ඇතුළත සිය ඉතිහාසයේ වේගවත්ම සහ පුළුල්ම ප්‍රතිසාධන මෙහෙයුම් අතරින් එකක් සාර්ථක ලෙස දියත් කළේය.
ව්‍යසනය ආරම්භ වූ අවස්ථාවේ සිටම SLT-MOBITEL එහි කලාපීය මෙහෙයුම් ව්‍යුහය, විශේෂිත ඉංජිනේරු කණ්ඩායම් සහ හදිසි පාලන යාන්ත්‍රණයන් උපයෝගී කරගනිමින් ජාතික මට්ටමේ ආපදා ප්‍රතිසාධන වැඩසටහනක් විධිමත් ලෙස ක්‍රියාවට නැංවීය. රටේ වඩාත්ම තීරණාත්මක ඩිජිටල් සම්බන්ධතා ව්‍යුහය වන Sri Lanka Backbone Network (SLBN) මෙම ආපදා තත්ත්වය හමුවේ විශිෂ්ට ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කළ අතර, පැය 24ක් ඇතුළත බලපෑමට ලක් වී යථා තත්ත්වයට පත්කිරීම අවශ්‍ය වූයේ Nodes සීමිත සංඛ්‍යාවක් පමණි. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් SLT-MOBITEL අනෙකුත් දුරකථන සමාගම් සහ පාරිභෝගිකයන් සඳහා සම්බන්ධතාව යථා තත්ත්වයට පත්කිරීමට ප්‍රමුඛත්වය ලබාදුන් අතර, ඊට සමගාමීව සිය පාරිභෝගිකයන්ට පූර්ණ සහයෝගය ලබා දෙමින් රට පුරා ජංගම දුරකථන සේවා හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගත්තේය.
මේ ආකාරයට රටේ මූලික දුරකථන සන්නිවේදන ජාලය කඩිනමින් නැවත ක්‍රියාකාරී තත්ත්වයට ගෙන ඒමට SLT-MOBITEL විසින් පියවර ගනු ලැබීම, ආපදාවෙන් පීඩාවට පත් ප්‍රදේශ සියල්ලෙහිම පාහේ ස්ථාවර සහ ජංගම සේවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා බෙහෙවින් තීරණාත්මක සාධකයක් විය. මෙම කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් SLT-MOBITEL සමඟ සම්බන්ධ වී සිටින අනෙකුත් සේවා සම්පාදකයන්ට සිය සේවාවන් ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ අතර එමඟින් රටේ සම්බන්ධතා පහසුකම් අඛණ්ඩව පවත්වා ගැනීමට හැකියාව ලැබිණි. මෙම උත්සාහය අඛණ්ඩව පවත්වාගෙන යමින් රට පුරා දුරකථන සේවා ජාල යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා SLT-MOBITEL විසින් විශේෂ අධීක්ෂණ මධ්‍යස්ථානයක්ද පිහිටුවන ලදී. මේ වන විට සිදු කර ඇති මූලික තක්සේරුවලින් පෙනී යන්නේ ප්‍රතිසාධන සහ ජාල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් බිලියන 5 ත් 6 ත් අතර පිරිවැයක් දැරීමට සිදු වනු ඇති බවයි.
හානියට පත් ෆයිබර් සම්බන්ධතා මාර්ග අලුත්වැඩියා කිරීමට, ජලයෙන් යට වූ Cabinets යථා තත්ත්වයට පත්කිරීමට සහ සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දහස් ගණනක් Access Nodes අලුත්වැඩියා කිරීමට SLT-MOBITEL කණ්ඩායම් දිවා රෑ නොබලා වෙහෙසුණහ. ෆයිබර් යටිතල පහසුකම් දැඩි ලෙස හානි වූ ප්‍රදේශ සඳහා සමාගම විසින් Fixed Wireless Access (FWA) පහසුකම් ලබාදෙන ලද අතර, එමඟින් ජනතාවට, සහන සේවා සපයන්නන්ට සහ අත්‍යවශ්‍ය සේවාවන්ට නැවත සම්බන්ධතා පහසුකම් හිමි විය. එමෙන්ම මෙබඳු හදිසි තත්ත්වයක් හමුවේ තීරණාත්මක ජාතික සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වන ආකාරයට රෝහල්, රජයේ ආයතන සහ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් වෙත ප්‍රමුඛත්වය ලබාදෙන ලදී.
මීට අමතරව කොළඹ විශ්ව විද්‍යාලය සමඟ එක්ව පැය 24 පුරාම ක්‍රියාත්මක 247 ජාතික වෛද්‍ය උපකාරක සේවාව දියත් කිරීමටද SLT-MOBITEL පියවර ගත්තේය. පළමු සතිය ඇතුළත මෙම සේවාවට තුවාල, ආසාදන, ජලයෙන් බෝවන රෝග සහ අනෙකුත් සෞඛ්‍ය සංකූලතාවන් සම්බන්ධ ඇමතුම් විශාල සංඛ්‍යාවක් ලැබිණි. SLT-MOBITEL හි ජාතික සම්බන්ධතා පහසුකම් මඟින් බලගන්වන ලද මෙම සේවාව මෙහෙයවන ලද්දේ කොළඹ විශ්ව විද්‍යාලය විසින් සම්බන්ධීකරණය කරන ලද වෛද්‍ය වෘත්තිකයන් කණ්ඩායමක් විසිනි. මෙම උපකාරක සේවාව අත්‍යවශ්‍ය මහජන සේවාවක් බවට පත් වූ අතර, එය අභියෝගවලට ඔරොත්තු දෙන, පහසුවෙන් භාවිතා කළ හැකි සහ ජනතා-කේන්ද්‍රීය සන්නිවේදන පහසුකම් ඔස්සේ අර්බුදකාරී කාලවලදී ශ්‍රී ලාංකිකයන්ට සහාය වීම සහ ඔවුන් සුවපත් කිරීම සඳහා SLT-MOBITEL දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු වූ අවස්ථාවක් විය. රට පුරා ඕනෑම කෙනෙකුට මෙම සේවාව ලබාගැනීමට හැකි වීම සඳහා එය භාවිතා කිරීමට අනෙකුත් සේවා සම්පාදකයන් සියලු දෙනාටද අවස්ථාව සලසා දෙනු ලැබීම විශේෂත්වයකි.
රටේ ප්‍රධානතම සම්බන්ධතා විසඳුම් සම්පාදක ලෙස SLT-MOBITEL ජාතික ආපදා ප්‍රතිචාර වැඩසටහන්වලදී ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කළේය. ශ්‍රී ලංකා හමුදාවේ සහාය ඇතිව බලපෑමට ලක් වූ ස්ථාන වෙත ඉක්මනින් ළඟාවීමට ක්ෂේත්‍ර කණ්ඩායම්වලට හැකි වූ අතර, එමඟින් වඩාත් දුෂ්කර ප්‍රදේශ කිහිපයක සේවාවන් යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු ඉක්මනින් හා සුරක්ෂිත ලෙස සිදුකිරීමට හැකි විය. මෙම හවුල්කාරීත්වය ජාතික ආරක්ෂාව, හදිසි අවස්ථා සම්බන්ධීකරණය සහ මහජන ආරක්ෂාව සඳහා දුරකථන සේවා ක්ෂේත්‍රය ඉටුකරන මෙහෙවර මැනැවින් පිළිබිඹු කළ අවස්ථාවක් වූ අතර, එහිදී ලබාදුන් සහයෝගය වෙනුවෙන් SLT-MOBITEL ශ්‍රී ලංකා යුධ හමුදාවට සිය කෘතඥතාව පළකර සිටී.
ජාල ප්‍රතිසංස්කරණ කටයුතුවලට අමතරව ආපදා කාල පරිච්ඡේදයේදී අත්‍යවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා SLT-MOBITEL විවිධ රාජ්‍ය ආයතනවලට ජාතික මට්ටමින් තීරණාත්මක සහයෝගයක් ලබා දුන්නේය. එම සහයෝගය හේතුවෙන් විශ්වාසනීය දුරකථන සේවා සම්බන්ධතා පහසුකම් සමඟින් එම ආයතන මඟින් සපයනු ලබන ජාතික වැදගත්කමකින් යුත් සේවාවන් අඛණ්ඩව ලබාදීමට හැකියාව ලැබිණි.
ව්‍යසනයෙන් සතියක් ඇතුළත SLT-MOBITEL විසින් සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් 98% කට වැඩි ප්‍රමාණයක සේවාවන් යථා තත්ත්වයට පත්කරන ලද අතර, දැඩි ලෙස බලපෑමට ලක් වූ දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක් පමණක් ඉතිරිව පැවතිණි. සැලකිය යුතු මානව සම්පත් සහ පාරිසරික අභියෝග මධ්‍යයේ වුවද එම ප්‍රදේශවල සේවාවන් යථා තත්ත්වයට පත්කිරීම සඳහා සමාගම දිගින් දිගටම පියවර ගනිමින් සිටී. මෙම කාලසීමාව පුරාම තත්ත්වය මැනැවින් අවබෝධ කරගනිමින් ගනුදෙනුකරුවන් ඉවසීමෙන් හා අවබෝධයෙන් කටයුතු කළ අතර, එය අලුත්වැඩියා කටයුතු සඳහා විශාල රුකුලක් විය.
මෙම ව්‍යසනය, ජාතික සම්බන්ධතා ජාලය මෙබඳු ආපදාවන්ට දීර්ඝකාලීනව ඔරොත්තු දිය හැකි ලෙස ශක්තිමත් කිරීමේ වැදගත්කම මැනවින් පෙන්වා දුන් අවස්ථාවක් ලෙස හැඳින්විය හැක. ඒ සඳහා අධි-අවදානම් ප්‍රදේශවල ෆයිබර් රැහැන් භූගත කිරීම කඩිනම් කිරීම, Bridge Ducts සඳහා ප්‍රමුඛතා ප්‍රවේශය ලබාදීම සහ හදිසි අවස්ථාවලදී දුරකථන සන්නිවේදන සේවා කඩිනමින් යථා තත්වයට පත්කිරීමට අදාළ විධිවිධාන සකස් කිරීම යනාදී පියවරවල වැදගත්කම SLT‑MOBITEL අවධාරණය කරයි. එමෙන්ම තඹ රැහැන් වෙනුවට ෆයිබර් රැහැන් භාවිතයට යොමු වීම කඩිනම් කිරීමට සමාගම මේ වන විට පියවර ගනිමින් සිටී.
ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස සෑම අර්බුදයකදීම රටේ සම්බන්ධතා පහසුකම් අඛණ්ඩව පවත්වා ගැනීම SLT-MOBITEL හි අරමුණයි. එමෙන්ම දිට්වා මඟින් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදුකිරීම, රජයේ විවිධ අංශ වෙතින් සහයෝගය හිමි වීම සහ ජනතාවට සේවය කිරීම සඳහා දැක්වූ උනන්දුව මඟින් පෙනී යන්නේ, වාණිජ මෙහෙයුම්වලට සීමා නොවී රටේ විශ්වාසනීය ඩිජිටල් සහකරු ලෙස තමන් වෙත පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකිරීම සඳහා SLT-MOBITEL කැප වී සිටින බවයි.
Video Story