2026 දී 4-5% ක ආර්ථික වර්ධනයක් මහ බැංකුව පුරෝකථනය කරයි

    January, 8, 2026

    ශ්‍රී ලංකා මහ බැංකුව 2026 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4-5%ක වර්ධනයක් සිදුවනු ඇතැයි පුරෝකථනය කර තිබේ. 2026 සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරයි.

    පසුගිය වසර 2 පුරාවට ශ්‍රී ලංකා ආර්ථිකය විසින් අත්පත් කර ගත් වර්ධනීය ප්‍රවණතාවය තවදුරටත් ඉදිරියට ගෙනයමින් මෙලෙස 2026 වසර සඳහා 4-5%ක ආර්ථික වර්ධනයක් පුරෝකථනය කර ඇත.