ශ්‍රී ලාංකීය නිමි ඇඳුම් අපනයන සඳහා එක්සත් රාජධානියෙන් ජනවාරි 01 සිට තීරු බදු රහිත ප්‍රවේශයක්

    January, 8, 2026

    එක්සත් රාජධානියේ සංර්වර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළඳ වැඩසටහනට (DCTS) අදාළ ප්‍රතිසංස්කරණ දැන් බලාත්මකව පවතින අතර, ඒ අනුව 2026 ජනවාරි 01 වන දින සිට ලිහිල් කළ වෙළඳ රීති / රෙගුලාසි ක්‍රියාත්මක වේ.

    ගෝලීය වෙළඳපළෙන් අමුද්‍රව්‍ය 100% දක්වා ලබා ගන්නා අතර, එක්සත් රාජධානියේ තීරු බදු අගය ශූන්‍යයෙහි පවත්වාගැනීමට නිමි ඇඳුම් නිෂ්පාදකයන්ට දැන් හැකියාව තිබේ.

    මෙම නව වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජධානිය වෙත සිදු කෙරෙන නිමි ඇඳුම් අපනයන කැපීපෙනෙන තරමින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ලිහිල් කළ වෙළඳ රීති යටතේ ශ්‍රී ලාංකීය නිමි ඇඳුම් නිෂ්පාදකයෝ එක්සත් රාජධානියේ වෙළඳ පළ වෙත මින් පෙර නොවූ ආකාරයේ ප්‍රවේශයක් ලබති. මෙම වෙනස්කම් හරහා, නිමි ඇඳුම් සඳහා වූ යෙදවුම්වලින් 100%ක් දක්වාම ලෝකයේ ඕනෑම රටකින් ලබා ගන්නා අතර, එක්සත් රාජධානියේ වෙළඳපළ වෙත තීරු බදු රහිතව ප්‍රවේශය ලැබීමට නිෂ්පාදකයන්ට දැන් අවසරය හිමි වේ. ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන නිෂ්පාදන පිරිසැකසුම් දෙකක් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව පෙර අදාළ කරගත් රීතිය වුවත්, දැන් යෙදවිය යුතු පිරිසැකසුම් අවශ්‍යතා වශයෙන් දක්වා ඇත්තේ ස්වල්පයකි.

    ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන අනෙකුත් සියලු නිෂ්පාදන සඳහා අදාළ වන ආකාරයෙන් ආසියා කලාපීය රටවල් 18ක සමුච්චිත සමූහයක් ස්ථාපනය කිරීම ද ලිහිල් කළ රීතිවලට ඇතුළත් වේ. තෝරාගත් තීරු බදු ප්‍රතිලාභ පවත්වා ගන්නා අතර, කලාපීය හවුල්කරුවන්ගෙන් අමුද්‍රව්‍ය ලබා ගැනීමට මෙමගින් ශ්‍රී ලාංකීය නිෂ්පාදකයන්ට හැකියාව ලැබේ.

    ශ්‍රී ලංකාව සඳහා වූ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් අතිගරු ඇන්ඩෲ පැට්‍රික් මහතා මෙසේ අදහස් දැක්වීය.

    “මේ වන විට බලාත්මක කර ඇති ප්‍රතිසංස්කරණවලින් පෙන්නුම් කරන්නේ වෙළඳ සහයෝගීතා හරහා අභිවෘද්ධිය සඳහා වූ අවස්ථා නිර්මාණය කිරීමට එක්සත් රාජධානිය කැප වී සිටින බව යි. සම්භවය පිළිබඳ රීති සරල කිරීම මගින්, එක්සත් රාජධානියේ වෙළඳපළ වෙත ප්‍රවේශ වීමේ හැකියාව ඉහළ නැංවීමෙන් සහ අපනයන තවදුරටත් විවිධාංගිකරණය කිරීම සඳහා සහය සපයමින්, අපි ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහයෝගය ලබාදෙනවා. අපනයන විභවතාව ර්වර්ධනය කිරීම සඳහා වූ ශ්‍රී ලංකා රජයේ අභිමතාර්ථය අපි හඳුනාගෙන සිටින අතර, මෙම වැඩපිළිවෙළ ඒ සඳහා යොදාගැනීම අපි වැඩිමනත් ධෛයමත් කරනවා. එබැවින්, මෙම ප්‍රතිසංස්කරණ මගින් ප්‍රතිලාභ ලැබිය හැක්කේ කෙසේදැයි ගවේෂණය කරන මෙන් සහ DCTS මගින් ලබාදෙන තීරු බදු රහිතසහනය සඳහා ප්‍රවේශය ලබාගන්නා මෙන් මම අපනයනකරුවන්ට ඇරයුම් කරනවා".

    ප්‍රතිසංස්කරණ බලාත්මක කිරීම පිළිබඳව සිය ප්‍රශංසාව පළකරමින්, JAAF මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා මෙසේ පැවසීය.

    “එක්සත් රාජධානියේ සංර්වර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළඳ වැඩසටහනට සඳහා රැගෙන ආ ප්‍රතිසංස්කරණ මගින්, කලාපය තුළින්ම අමුද්‍රව්‍ය ලබාගත යුතු යැයි මින් පෙර පනවා තිබූ සීමාකිරීම් ඉවත් කර තිබෙනවා. ගෝලීය සැපයුම් දාම සඳහා ප්‍රවේශය ලබන්නට දැන් අවස්ථාව හිමි බැවින්, සමාන මට්ටමින් තරග වැදීමේ හැකියාව ශ්‍රී ලාංකීය නිෂ්පාදකයන්ට දැන් හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් එක්සත් රාජධානියට අපනයනය කරන නිෂ්පාදන අතර 60%කටත් වඩා සමන්විත වන්නේ නිමි ඇඳුම්වලින්. එය මෙරට මිලියනයකට ආසන්න ජනතාවකගේ ජීවනෝපායට උර දෙනවා. සක්‍රීය වෙළඳපළක් වෙත අපේ අපනයන යොමු කිරීමේ විභවතාව ඉහළ නැංවීම සඳහා එය අතිශයින් වැදගත් බව අපේ වැටහීමයි. මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබමින් කැපීපෙනෙන වර්ධනයක් අත්කරගැනීම සඳහා ගැනුම්කරුවන් සහ නිෂ්පාදකයන් සමග කටයුතු කිරීමට අපි උනන්දුවෙන් බලා සිටිනවා.”

    බ්‍රිතාන්‍යය සමග ව්‍යාපාරික ගනුදෙනු සඳහා වූ සභාවේ (Council for Business with Britain CBB) සභාපති මාර්ක් සජර්නර් මෙලෙස අදහස් ප්‍රකාශ කළේය:

    “එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ සබඳතාව වැඩිදියුණු කිරීම සඳහා මෙම ප්‍රතිසංස්කරණවලට ඇති විභවතාව සම්බන්ධයෙන් අපි දැඩි උනන්දුවෙන් සිටිනවා. නිමි ඇඳුම් කර්‌මාන්තයට මෙයින් කැපීපෙනෙන අභිවෘද්ධියක් හිමි වෙනවා. එක්සත් රාජධානියේ DCTS යටතේ 90%කටත් වැඩි නිෂ්පාදන තීරු බදු රහිතර්වගීකරණය යටතට රැගෙන ඒම හේතුවෙන්, කලාපීය රටවල් විශාල සංඛ්‍යාවකින් අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීමේ හැකියාව දැන් නිර්මාණය වී ඇති බැවින්, වෙනත් අංශවලින් ද එම ප්‍රතිලාභයන් හි ප්‍රයෝජන ලබාගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. DCTS වැඩිදුරටත් සාධනීයව යෙදවෙනු ඇතැයි අපි උනන්දුවෙන් බලාසිටිනවා. මෙය, එක්සත් රාජධානිය සමග සිය වෙළඳ ගනුදෙනු වර්ධනය කරගැනීම සඳහා ශ්‍රී ලාංකීය ව්‍යාපාරයන්ට සහයෝගය දීම අරමුණු කරමින් දැනටමත් පවත්වා ගෙන යන CBB හි තොරතුරු සැසිවල කොටසක් වනු ඇති.”

    මෙම වෙනස්කම් සිදුකෙරෙන්නේ ශ්‍රී ලංකා රජය සහ නිමි ඇඳුම් නිෂ්පාදකයන්ගේ සම්මේලන සැසිය ද ඇතුළු, බොහෝ ව්‍යාපාර සහ රටවල් මගින් ඉදිරිපත් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් වශයෙනි. ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් අපනයන සඳහා දෙවනුවට විශාලතම වෙළඳ පළක් ඇත්තේ එක්සත් රාජධානිය සමග වන අතර, එහි වටිනාකම ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 675ක් වුවත්, මෙම නව වැඩපිළිවෙළ යටතේ නිමි ඇඳුම් අපනයනය කැපීපෙනෙන මට්ටමකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළඳ වැඩසටහන (DCTS) මගින් රටවල් 65ක් සඳහා තෝරාගත් වෙළඳාම් ගිවිසුම් / එකඟතා සපයයි.