January, 13, 2026
මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගේ විදේශ ව්‍යවහාර මුදල් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීම පිණිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රේගු කටයුතු සඳහා වෙන් කර ඇති පෙදෙස තුළ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කරනු ලැබ තිබේ.
ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ප්‍රයත්නයේ කොටසක් වශයෙන් පැමිණීමේ පර්යන්තය නැවත සකස් කිරීමේදී එහි ක්‍රියාත්මක වූ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමේ අවශ්‍යතාව මතු වී ඇත. අලුතින් වෙන් කර ඇති ස්ථානවල මුදල් මාරු කිරීමේ කවුළු ස්ථානගත කිරීමේදී අදාළ වන මාසික කුලිය සම්බන්ධයෙන් එකඟතාවයකට එළඹීමට අපොහොසත් වීම හේතුවෙන් ඒ වන විට පැවති කොන්ත්‍රාත් ගිවිසුම් අත්හිටුවීමට සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් කටයුතු කර ඇත. ඉන් අනතුරුව, පැමිණීමේ පර්යන්තයේ අලුතින් වෙන් කරනු ලබන ප්‍රදේශයක වසර 03ක කොන්ත්‍රාත් කාලසීමාවක් සඳහා විදේශ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ස්ථාපිත කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත/බලය පවරා ඇති ආයතනවලින් සීමිත තරගකාරී ලංසු ක්‍රමවේදය යටතේ ලංසු කැඳවීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ලැබී ඇති ලංසු 05ක් සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව පහත සඳහන් පරිදි වසර 03ක කාලසීමාවක් සඳහා විදේශ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු පවත්වාගෙන යාමේ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: