රජයේ වාහනවලට ඉන්ධන සපයන්න ඩිජිටල් කාඩ් ක්‍රමයක්

    January, 13, 2026

    රජයේ ආයතනවලට අයත් වාහනවලට ඉන්ධන සපයා ගැනීම සඳහා ඩිජිටල් කාඩ්පත් ක්‍රමවේදයක් භාවිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. එමඟින්, ඉන්ධන අවශ්‍යතාව අනුව මාර්ගගත බැංකු ක්‍රමවේදය හරහා ඊට අදාළ මුදල් ප්‍රතිපූරණය කිරීමටත්, පුද්ගල මැදිහත්වීම අවම වීම තුළින් ඉහළ විනිවිදභාවයකින් හා කාර්යක්ෂමතාවකින් ඉන්ධන සපයා ගැනීමටත් අවකාශ ලැබෙනු ඇත.

    මේ වන විට ලංකා බැංකුව හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව වාහන සඳහා ඩිජිටල් කාඩ්පත් මඟින් ඉන්ධන සැපයීමේ ක්‍රමවේදය හඳුන්වා දී තිබේ.

    ඒ අනුව, ප්‍රථමකොට, නියමු ව්‍යාපෘතියක් වශයෙන් ජනාධිපති කාර්යාලයේ සංචිත වාහන සඳහා ඉන්ධන සපයා ගැනීම වෙනුවෙන් එකී ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටත්, එහි සාර්ථකත්වය මත පදනම්ව අනෙකුත් රාජ්‍ය ආයතන සඳහා ද එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.