අද කොටස් වෙළෙඳපොළේ ලොකු වෙනසක් නැහැ

    January, 13, 2026

    අද (13) දිනයේ මුල් භාගයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් දක්නට ලැබුණ ද දෙවන භාගයට වන විට නැවත වරක් මිල දර්ශකවල යථා තත්ත්වයට පත්වීමක් දැකගත හැකිවිය.

    ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගයේ ඒකක 0.71 ක පහළ යාමක් සහ S&P SL20 දර්ශකයේ ඒකක 7.69ක් වශයෙන් සුළු පහළ යාමක් පමණක් වාර්තා වී ඇත.

    දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,607.80 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 6,494.76ක් ලෙසත් ඒ අනුව වාර්තා විය.

    අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 4.94ක් ලෙසින් සටහන්ව තිබේ.

    එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 4.85ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.87ක් ලෙසින් වාර්තා වී තිබෙන අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 89ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 67ක් ලෙසින් වාර්තා වී තිබුණි.