January, 14, 2026
මෙවර Superbrands 2025 සම්මාන උළෙලේදි TV දෙරණ මෙරට ප්‍රමුඛතම සන්නාමයක් ලෙස සම්මානයට පාත්‍ර වුණි.
පසුගිය දා (12) කොළඹදී පැවති මෙම සම්මාන උලෙළේදී Superbrands ලෙස නම් කෙරුණු එකම මාධ්‍ය සන්නාමය TV දෙරණයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව, Superbrands GLOBAL ආයතනය සමග එක්ව සංවිධාන කළ Superbrands 2025 සම්මාන උලෙළ ඊයේ කොළඹදී පැවැත්වුණි.
මෙරට ජනප්‍රිය සන්නාම ප්‍රමුඛතම සන්නාම ලෙස ඔසවා තැබෙන මෙම සම්මාන උලෙළේදී මෙරට ජනප්‍රිය සන්නාම 560ක් සලකා බැලීමට ලක්කෙරුණි.
ක්ෂේත්‍ර රැසක් නියෝජනය කෙරෙන එම සන්නාම අතරින් Superbrands ලෙස මෙවර ඇගයීමට ලක්කෙරුණු සන්නාම ගණන 28කි.
එහිදී TV දෙරණ ද මෙරට ප්‍රමුඛතම සන්නාමයක් ලෙස සම්මානයට පාත්‍ර වුණි.
මෙවර සම්මාන උලෙළේදී Superbrands ලෙස නම් කෙරුණු එකම මාධ්‍ය සන්නාමය TV දෙරණයි.
අධ්යක්ෂ, අලෙවි ප්‍රධානී තුෂාර පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ සමාන්‍යාධිකාරී අලෙවි ලක්මාල් මුදලිගේ මෙහිදී TV දෙරණ වෙනුවෙන් සම්මානය ලබාගත්තේය.
Video Story