කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම තැන අද යළි අලුත්වෙයි

    January, 14, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකයේ, ඉතිහාසයේ ඉහළම අගයේ වාර්තාව නැවත වරක් අද (14) දිනයේ දී අලුත් විය.

    ඒ අනුව සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය ලෙසින් 2025 නොවැම්බර් 12 දින වාර්තා වී තිබුණු, ඒකක 23,659.70 වාර්තාව අභිබවමින් අද දින ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 23,708.70ක් ලෙසින් සටහන් විය.

    අද දින ගනුදෙනු පිරිවැටුම් රු. බිලියන 9.26ක් ලෙසින් වාර්තා වී තිබේ.