දිට්වා හානි සොයා බලන්න IMF කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට

    January, 15, 2026

    දිට්වා සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානි පිළිබඳ කරුණු සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් එළඹෙන ජනවාරි 22 සිට 28 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසයි. අද (15) පැවති මාධ්‍ය හමුවක දී 'අද දෙරණ' කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඇය මේ බව අනාවරණය කළාය.

    මෙම දූත කණ්ඩායම මෙරට සංචාරය කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ, දිට්වා සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති වූ හානියේ ප්‍රමාණය සහ ඒ සම්බන්ධ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම බව, මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂවරිය මෙහිදී වැඩිදුරටත් කියා සිටි‌යාය.

    “මෙම නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ඔවුන්ගේ ප්‍රතිපත්ති අදහස් පිළිබඳව සහ එම ස්වාභාවික විපත්තිය IMF විසින් ක්‍රියාත්මක කරමින් පවතින විස්තීරණ ණය පහසුකම් වැඩසටහනට (EFF) ඇති බලපෑම පිළිබඳව සාකච්ඡා කරනු ඇත,” යනුවෙන් ඇය මෙහිදී පැවසීය.

     

    Video Story

    Stock Market

    Exchange Rates