2025 දෙසැම්බර් මාසයේ දී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

    January, 19, 2026

    නිෂ්පාදන කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 දෙසැම්බර් මාසයේ දී දර්ශකාංක 60.9ක අගයක් වාර්තා කළේය. මාසය ආරම්භයේ දී අහිතකර කාලගුණික තත්ත්වයන්ගෙන් බාධා ඇති වුවද, ප්‍රධාන වශයෙන් උත්සව සමයේ ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් සියලුම උප දර්ශක මෙම වර්ධනයට ධනාත්මකව දායක විය.

    සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, පෙර මාසයට සාපේක්ෂව සේවා ක්‍රියාකාරකම්වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින්, 2025 දෙසැම්බර් මාසයේ දී දර්ශකාංක 67.9ක අගයක් වාර්තා කළේය.