January, 19, 2026
2026 වසරේ ගත වූ පළමු දින 15 තුළ 131,898ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එම අධිකාරිය විසින් නිකුත් කරනු ලැබූ නවතම දත්ත වාර්තාවන්ට අනුව පෙනී යන්නේ ජනවාරි 12 වන දා වන විට මෙම වසරේ සංචාරක පැමිණීම 100,000 සීමාව ඉක්ම වීමට සමත් වී ඇති බවයි.
මෙම කාල සීමාව තුළ 10,483ක ඉහළම සංචාරක පැමිණීම ජනවාරි 15 වන දින වාර්තා වී ඇත.
මේ අතර එම කාල සීමාව තුළ ඉන්දියාව, 23,786ක වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස වාර්තා වී ඇති අතර රුසියාවෙන් 14,785ක්, එක්සත් රාජධානියෙන් 12,166ක් සහ ජර්මනියෙන් 9,260ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.



Video Story