January, 26, 2026
නව දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය මධ්‍යයේ, කොළඹ වරාය නගරය නව මූල්‍ය හා වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට කටයුතු කරන බවත්, එහිදී විදෙස් ආයෝජකයින් හට වසර 15ක් දක්වා බදු විරාම ලබා දීමට කටයුතු කරන බවත් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. Gulf News පුවත් සේවය වෙත මේ බව පවසමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයින් ඒ වෙනුවෙන් ආකර්ෂණය කර ගැනීම ප්‍රධාන කටයුත්තක් බවයි.
ශ්‍රී ලංකාව විදේශ ප්‍රාග්ධනය සම්පාදනය වෙනුවෙන් තරඟකාරී ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා රජය විසින් ආයෝජන අනුමැතීන් සහ දිරිගැන්වීම් විධිමත් කරන බව ඔහු මෙහිදී පවසා තිබේ.
ඩුබායි හි පැවති ඉන්වෙස්ට් ශ්‍රී ලංකා ආයෝජක සමුළුවට සමගාමීව Gulf News පුවත් සේවයට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කර ඇත.
“අපට පුළුල් වූ ආයෝජන අවස්ථා දෙකක් තිබෙනවා. එකක් මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස කොළඹ වරාය නගරය. අනෙක් එක ආයෝජන මණ්ඩලය යටතේ එන ව්‍යාපෘතීන්. මෙම ඇතැම් ආයෝජන සඳහා වසර 15ක් දක්වා බදු විරාම සහ අනෙකුත් දිරිගැන්වීම් ලබා දීම් ඇතුළත් වෙනවා. නව පනත හරහා මේ වෙනුවෙන් ප්‍රතිපාදන සැලසෙනවා.“
මේ පිළිබඳව Gulf News පුවත් සේවයේ පළවූ සම්පුර්ණ ලිපිය පහතින් දැක්වේ.
January, 24, 2026
Video Story