March, 23, 2026
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), යුරෝපා සංගමය (EU), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ආසියා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම (UNESCAP) යන ආයතනවල සහයෝගීත්වයෙන් 2026 මාර්තු 30 වන දින පැවැත්වීමට නියමිතව තිබූ "ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026" තාවකාලිකව අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඒ සඳහා ලියාපදිංචි වූ සාමාජිකයන්ට සහ සියලුම පාර්ශවකරුවන්ට දන්වා සිටී.
වර්තමානයේදී ගෝලීය වශයෙන් උද්ගතව ඇති තත්ත්වයන් මෙන්ම එමඟින් ජාත්‍යන්තර ගුවන් ගමන් සහ සැපයුම් දාම කෙරෙහි එල්ල වී ඇති බලපෑම සැළකිල්ලට ගනිමින්, මෙම සමුළුව ඉදිරි දිනක පැවැත්වීමේ තීරණයකට එළඹීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය තීරණය කර ඇත. වඩාත් හිතකර ගෝලීය වාතාවරණයක් යටතේ මෙම සමුළුව පැවැත්වීම තුළින් වඩාත් ඵලදායී සහ ඉලක්කගත සාකච්ඡා සඳහා අවස්ථාව සැලසෙනු ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විශ්වාස කරයි. ශ්‍රී ලංකාවේ පාර්ශවකරුවන් සහ ජාත්‍යන්තර ආයෝජකයන් අතර අර්ථවත් සම්බන්ධතාවයක් ඇති කරන පරිසරයක් ඇති කිරීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රමුඛතම අරමුණයි.
නව දිනය: ගෝලීය වශයෙන් උද්ගතව ඇති තත්ත්වයන් පිළිබඳව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර, සංශෝධිත දිනය පිළිබඳව සියලුම ලියාපදිංචි සාමාජිකයන් සහ පාර්ශවකරුවන් ඉදිරියේදී දැනුවත් කරනු ලැබේ.
ලියාපදිංචිය: දැනට සිදු කර ඇති සියලුම ලියාපදිංචි කිරීම් නව දිනය සඳහා ද වලංගු වේ.
Video Story