සංචාරක පැමිණීම ලක්ෂ 7 ඉක්මවයි

    March, 27, 2026

    2026 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 සීමාව ඉක්මවා ඇති බව වාර්තා වෙයි.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 708,348ක් බවයි.

    එහිදී 2026 මාර්තු 01 සිට 25 දක්වා කාලපරිච්ඡේදය තුළ දී සංචාරකයින් 151,693ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව එම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.

    මාර්තු මාසයේ ගෙවී ගිය දින 25 තුළ දී පැමිණි සංචාරකයින්ගෙන් 26%ක් එනම් 39,424ක් ඉන්දියාවෙන් මෙරට පැමිණ තිබෙන බව වාර්තා වේ.

    කෙසේ වෙතත් වසරේ පළමු මාස දෙකට සාපේක්ෂව මාර්තු මාසයේ දී මැදපෙරදිග හටගෙන ඇති යුධමය වාතාවරණය හමුවේ මෙරටට පැමිණ ඇති යුරෝපීය සංචාරකයින්ගේ අඩු වීමක් නීරීක්ෂණය කළ හැකි අතර එම කාල සීමාව තුළ දී 9%ක එනම් 13,967ක සංචාරකයින් පිරිසක් එක්සත් රාජධානියෙන් මෙරටට පැමිණ ඇති අතර රුසියාවෙන් 13,272ක් සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.