IndiGo දිල්ලි – කොළඹ සෘජු ගුවන් ගමන් අරඹයි

    March, 30, 2026

    ඉන්දියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය වන IndiGo, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් තවදුරටත් පුළුල් කරමින් දිල්ලියේ සිට කොළඹ වෙත සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කර තිබේ.

    ඒ අනුව මාර්තු 29 වන දා සිට ආරම්භ වූ මෙම නව සේවාව සඳහා එයාර්බස් A320 ගුවන් යානා භාවිතා කරමින් සතියකට ගමන් වාර හයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    මෙමගින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංචාරක, වෙළඳ සහ ව්‍යාපාරික කටයුතු සිදු කිරීමට ඇති පහසුකම් තව තවත් වැඩි දියුණු වන අතර එමගින් දෙරට අතර පවතින දිගුකාලීන සබඳතා ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    මෙලෙස IndiGo ගුවන් සේවය දිල්ලියේ සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමඟ මේ විටත් ක්‍රියාත්මක ඉන්දියාවේ මුම්බායි, බැංගලෝර්, හයිද්‍රාබාද්, චෙන්නායි සහ දිල්ලි යන නගර පහේ සිට කොළඹට සතිපතා ගුවන් ගමන් වාර 55 කට වඩා ක්‍රියාත්මක කෙරෙනු ඇත.

    මීට අමතරව IndiGo ගුවන් සේවය ඉන්දියාවේ චෙන්නායි සහ තිරුචිරපලි සිට යාපනය වෙත ද සතිපතා ගුවන් ගමන් වාර 10 ක් ක්‍රියාත්මක කරයි.