April, 1, 2026
2025 වසරේ නොවැම්බර් මාසයේ සිට පැවති මාසික විදේශීය ජංගම ගිණුමේ අතිරික්තයන් වාර්තා කිරීමේ ප්‍රවණතාවය තවදුරටත් පවත්වාගෙන යමින්, 2026 වසරේ පෙබරවාරි මාසයේ දී ද විදේශීය ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වූ අතර 2026 වසරේ ජනවාරි-පෙබරවාරි කාලපරිච්ඡේදය තුළ දී එ.ජ. ඩොලර් මිලියන 487ක සමුච්චිත අතිරික්තයක් වාර්තා ී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
මේ අතර 2026 වසරේ පෙබරවාරි මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ඉහළ ගොස් ඇති බවත්, 2026 වසරේ ජනවාරි-පෙබරවාරි කාලපරිච්ඡේදය තුළ දී වෙළඳ හිඟය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 1.1ට සාපේක්ෂව එ.ජ. ඩොලර් බිලියන 1.4ක් දක්වා පුළුල් වී ඇති බවත් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.