වාහන ආනයනය පහළට

    April, 2, 2026

    පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ වියදම 2026 වසරේ පෙබරවාරි මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 194ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 ජූනි මාසයෙන් පසු මාසික වාහන ආනයන වියදම ඩොලර් මිලියන 200 සීමාවට වඩා පහළට පැමිණි පළමු අවස්ථාව මෙය වනු ඇත. 

    2026 ජනවාරි මාසයේ දී වාහන ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 224ක වියදමක් දරා තිබුණි. ඒ අනුව 2026 වසරේ ජනවාරි-පෙබරවාරි කාලපරිච්ඡේදය සඳහා රථ වාහන ආනයන මුළු වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 418ක් වේ.

    2025 වසර තුළ රථ වාහන ආනයන සඳහා වූ මුළු වියදම ඩොලර් මිලියන 2,047ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර සඳහන් කළේය.