April, 2, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල මිශ්‍ර හැසිරීමක් අද (02) දිනය තුළ දැකගන්නට ලැබුණි.
එහිදී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 51.24ක වර්ධනයක් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 28.41කින් පහළ යන ලදී.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,117.42ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 5,845.69ක් ලෙසත් දැක්වුණි.
අද දින ගනුදෙනු පිරිවැටුම පසුගිය දිනවලට සාපේක්ෂව පහළ මට්ටමක පැවති අතර එය රු. බිලියන 1.76ක් ලෙසින් වාර්තා වී තිබේ.
එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.72ක් හා දේශීය විකිණුම් රු. බිලියන 1.65ක් ලෙසින් සටහන්ව ඇති අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 44ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 112ක් ලෙසින් වාර්තා වී ඇත.