“ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය“ නිල වශයෙන් දියත් කෙරේ

    April, 6, 2026

    මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්රචලිත කිරීමේ ව්යාපෘතිය" නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාව අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
    ශ්රී ලංකාව, කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙහි මූලික අරමුණයි. මෙම වැඩසටහන, ශ්රී ලංකාව තාක්ෂණික වශයෙන් තබන ඉදිරි පියවරක් පමණක් නොව, අනාගත ගෙවීම් පද්ධතිය ඩිජිටල් ගෙවීම් පද්ධතියක් බවට පරිවර්තනය කරමින් මෙරට ආර්ථිකය සියලු දෙනා ඇතුළත් කර ගත් ආර්ථිකයක් බවට පත් කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි සුවිශේෂී පියවරක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතතා පෙන්වා දේ.
    රටේ අවිධිමත් ආර්ථිකයෙහි පංගුව, විධිමත් ආර්ථිකය කරා කැඳවා ගැනීමේදී මෙවැනි ඩිජිටල්කරණ වැඩසටහන් ඉතා වැදගත් බවත්, ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ ඉලක්කයේදී කෘෂිකර්මාන්තය, සුළු සහ මධ්ය පරිමාණ ව්යාපාර ආදී සියලු ක්ෂේත්ර ඩිජිටල්කරණයෙන් ඇති වන කාර්යක්ෂමතාවද ඉතා වැදගත් බවත් පෙන්වා දෙමින් මෙම නව වැඩපිළිවෙළ වඩා ආකර්ෂණීය සහ පහසු ක්රමවේදයක් ලෙස ජනතාව අතර ප්රචලිත කිරීමට සහාය වන ලෙස සියලුම බැංකු සහ මූල්ය ආයතනවලට ජනාධිපතිවරයා මෙහිදී ආරාධනා කර සිටී.