April, 8, 2026
ආරක්ෂාව සහ ගෝලීය භාවිතය සැලකිය යුතු ලෙස ඉහළ නංවමින් ලංකා පේ /JCB කාඩ්පත් යෝජනා ක්‍රමයේ විද්‍යුත් වාණිජ්‍ය ගනුදෙනු සඳහා 3D Secure (3DS) තාක්‍ෂණය සක්‍රීය කළ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව බවට පත් වෙමින් කොමර්ෂල් බැංකුව ඩිජිටල් ගෙවීම් කලාවේ තම නායකත්වය තවදුරටත් ශක්තිමත් කර ඇත.
මෙමගින් ලංකා පේ /JCB කාඩ්පත පූර්ණ වශයෙන් බලගැන්වුනු විද්‍යුත් වාණිජ්‍ය මෙවලමක් බවට පත් කරන අතර එමඟින් කාඩ්පත් හිමියන්ට වෙළෙඳුන් මිලියන ගණනකගෙන් ආරක්ෂිතව මිලදී ගැනීම් සිදුකිරීමට ඉඩ හසර ලබා දෙයි. බැංකුවේ ශක්තිමත් 3DS සක්‍රීය වූ කාඩ්පත් ගොන්නට මෙම කාඩ්පත එකතුවීම තුළින් ලංකා පේ /JCB ජාතික කාඩ්පත් යෝජනා ක්‍රමය භාවිතා කරන්නන්හට කොමර්ෂල් බැංකුවේ ජාත්‍යන්තර කාඩ්පත් පිරිනැමීම් හරහා ව්‍යාප්ත කර ඇති ඉහළ මට්ටමේ සත්‍යාපනය තුළින් වංචාවලින් ආරක්ෂා වීමේ ප්‍රතිලාභය නොඅඩුව ලැබෙන බව සහතික කෙරේ. ශ්‍රී ලංකාවේ ගෝලීය කාඩ්පත් වෙළඳ නාම සඳහා 3DS තාක්‍ෂණය හඳුන්වා දුන් පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වේ.
ලංකා පේ/JCB කාඩ්පත්වල ඉතා තරඟකාරී දේශසීමා ගාස්තු හේතුවෙන් විදේශීය ගනුදෙනු සඳහා මෙම කාඩ්පතට කැමති ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් සඳහා මෙම හඳුන්වාදීමට විශේෂයෙන් බලපායි. මේමගින් පිරිවැය කාර්යක්ෂමතාව, ගෝලීය ප්‍රවේශය සහ ජාත්‍යන්තරව පිළිගත් ආරක්ෂක ප්‍රමිතීන් ඒකාබද්ධ කරමින්, ජාතික කාඩ්පත් යෝජනා ක්‍රමය ඩිජිටල් වාණිජ්‍යයේ නව ප්‍රමිතීන් දක්වා ඔසවා තබයි.
මෙම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් පද්ධතිය ක්‍රියාකාරීව ඉදිරියට ගෙන යාම සඳහා ජාතික මූල්‍ය ආයතනයක් ලෙස බැංකුවේ වගකීම මෙම මුලපිරීම මගින් පිළිබිඹු වන බවයි. “කොමර්ෂල් බැංකුව තාක්ෂණික නායකත්වය විකල්පයක් ලෙස නොව, අපගේ ප්‍රධාන ව්‍යාපාරයේ අනිවාර්ය අංගයක් ලෙස සලකමු. අපගේ සියළුම ජාත්‍යන්තර කාඩ්පත් සඳහා ගෝලීය ප්‍රමිතීන් හඳුන්වා දීම අඛණ්ඩව කරගෙන යන අතරම, ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් යෝජනා ක්‍රමය ශක්තිමත් කිරීමට අපි එක ලෙස කැපවී සිටිමු. ලංකා පේ/JCB කාඩ්පත සඳහා 3D Secure තාක්‍ෂණය සක්‍රීය කිරීම, ආරක්ෂිත, ගෝලීය වශයෙන් පිළිගත් සහ ලොව පුරා පවතින ගෙවීම් විසඳුම්වලට සමාන ලෙස දේශීය කාඩ්පත් බලගැන්වීම වැදගත් පියවරකි,” යැයි ඔහු පැවසීය.
ලංකා පේ හි ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා මෙම දියත් කිරීම ශ්‍රී ලංකාවේ ජාතික කාඩ්පත් යෝජනා ක්‍රමයේ පරිණාමයේ තීරණාත්මක අවස්ථාවක් ලෙස විස්තර කළේය. “මෙම හඳුන්වාදීම, ජාතික කාඩ්පතේ වටිනාකම සැලකිය යුතු ලෙස ශක්තිමත් කරන අතර, ගෝලීය භාවිතයත් සමඟ වැඩිදියුණු කළ ආරක්ෂාව ඒකාබද්ධ කරයි. කොමර්ෂල් බැංකුව සමඟ සමීපව කටයුතු කරමින්, ලංකා පේ කාඩ්පත් හිමියන්ට දැන් ලෝකයේ ඕනෑම ස්ථානයක විශ්වාසයෙන් යුතුව මාර්ගගතව ගනුදෙනු කළ හැකි බව අපි සහතික කර ඇත්තෙමු. එය ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් යටිතල පහසුකම් සඳහා සාඩම්බර සන්ධිස්ථානයක් සනිටුහන් කරයි,” යැයි ඔහු පැවසීය.
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 272ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
සේයාරු සටහන: JCB කාඩ් ඉන්ටර්නැෂනල් දකුණු ආසියාවේ කළමනාකාර අධ්‍යක්ෂ/කලාපීය ප්‍රධානී යුචිරෝ කඩෝවාකි මහතා, කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ ලංකා පේ හි ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා.
Video Story