කොටස් වෙළෙඳපොළ අද වාර්තාගත ලෙස ඉහළට

    April, 16, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වාර්තාගත ඉහළ යාමක් අද (16) දිනයේ දී වාර්තා විය.

    එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒ්කක 327.49 ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත වූ අතර දින‌යේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 22,588.97 ක් ලෙසින් සටහන්ව තිබුණි. එය පෙර දිනයට සාපේක්ෂව 1.47%ක ඉහළ යාමකි.

    මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 55.77ක වර්ධනයක් අත්පත් කරගනිමින් ගනුදෙනු අවසානයේ දී ඒකක 6,230.76ක් ලෙසින් වාර්තා විය. එය 0.90%ක ඉහළ යාමක් වේ.

    දිනය තුළ රු. බිලියන 4.96ක, පසුගිය දිනවලට සාපේක්ෂව ඉහළ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.