April, 21, 2026
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අප්‍රේල් මාසයේ මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 2.4% ක් දක්වා ඉහළ ගොස් ඇත. 2026 පෙබරවාරි මාසයේ දී මෙම අගය 1.6%ක් ලෙස වාර්තා වී තිබුණි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
පෙබරවාරි මාසයේ දී 1.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය මාර්තු මාසයේ දී 0.7% ක් දක්වා අඩු වී ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය පෙබරවාරි මාසයේ දී වාර්තා වූ 1.9% සිට මාර්තු මාසයේ දී 3.8%ක් දක්වා වැඩිවීම මෙලෙස ජාතික උද්ධමනය මාර්තු මාසයේ දී ඉහළ යාමට බලපා ඇත.
Video Story